බයිපාස් රෝගීන් දහස් ගණනක ගේ ජීව්ත දැඩි අවදානමක!

0

හෘද කිරීටක ධමනි බද්ධ කිරීම හෙවත් බයිපාස් සැත්කම අපේකෂාවෙන් පොරොත්තු ලේඛණවල සිටින රෝගීන් දහස් ගණනක ගේ ජීව්ත දැඩි අවධානම් තත්වයකට පත්ව ඇත.එම තත්වය වළක්වා ගැනීම සදහා පහත යෝජිත ක‍්‍රියාමාර්ග ගත යුතු බව සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

අද වන ව්ට ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව බරපතල අර්බුදකාරී තත්වයකට පත්වී ඇත.එම නිසා ජනතාවගේ සෞඛ්‍ය ගැටළු දිනෙන් දිනම උග‍්‍ර වෙම්න් පවතී.පාලකයන් හා විවිධ මතධාරීන් ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ලෝකයේ ඉහල මට්ටමක ඇති බවත් ශ‍්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාවක් ඇති බවටත් ව්‍යාජ මතයක් පතුරවමින් සිටි. 1970 හා 80 දශක වල සෞඛ්‍ය සේවාවේ ප‍්‍රගතිය මැනීම සදහා යොදා ගන්නා ලද සාම්ප‍්‍රදායික යල් පැන ගිය සෞඛ්‍ය දර්ශක තුනක් වන උපතේ දී ආයු අපේක්ෂාව, ළදරු මරණ අනුපාතිකය,මාතෘ මරණ අනුපාතිකය යන දර්ශක යෙදා ගනිමින් එම මිත්‍යාව තහවුරු කරමින් සිටි. දිගු කාලයක් තිස්සේ මෙම මිත්‍යාව පතුරවම්න් සිටින නිසා රටේ ජනතාව අතරද හොද සෞඛ්‍ය සේවයක් ඇතැයි යම් පමණකට මතයක් ගොඩ නැගී ඇත.

100 core health indicators

නමුත් වර්තමානයේ රටක සෞඛ්‍ය තත්වය මැනීම සදහා තව දුරටත් එම සාම්ප‍්‍රදායික සෞඛ්‍ය දර්ශක පමණක් යොදා ගන්නේ නැත. ඒ සදහා ලෝක සෞඛ්‍ය සංව්ධානය විසින් නවීන සෞඛ්‍ය දර්ශක 100ක් (100 core health indicators) හදුන්වා දී ඇත.සෞඛ්‍ය සේවාව සදහා යොදවන මානව සම්පත් ප‍්‍රමාණය, භෞතික සම්පත් ප‍්‍රමාණය, අරමුදල් ප‍්‍රමාණය, බෝවන රෝග වල තත්වය, බෝ නොවන රෝගවල් තත්වය ඇතුළු සාධක විශාල ප‍්‍රමාණයක් සැලකිල්ලට ගනිමින් වඩාත් පුළුල් ලෙස මෙම සෞඛ්‍ය දර්ශක සකස් කර ඇත.

එම දර්ශක අනුව සසදා බැලූවිට අපේ රටේ සෞඛ්‍ය තත්වය ඉතාම පහල තත්වයකට වැටී ඇත. ලොකයේ දළ දේශීය නිෂ්පාදනයේ ප‍්‍රතිශතයක් (total health expenditure as a % from GDP) ලෙස ගත් කළ ලොකයේ සාමාන්‍ය 9% වන අතර සංවර්ධිත සමහර රටවල එය 15% -20% දක්වා ඉහල අගයක් ගනු ලැෙබි. නමුත් අපේ රටේ එය 3% -5% ක් පමණ වේ ඒ අනුව එම ප‍්‍රමාණය ලොකයේ ප‍්‍රතිශතාත්මකව අඩුවෙන්ම වියදම් කරණ රටවල් 20 අතරට වැටි ඇත. ඒක පුද්ගල සෞඛ්‍ය වියදම (per capita health expenditure) ශ‍්‍රී ලංකාවේ ඩොලර් 100ත් 120ත් අතර වේ ඇමරිකා එක්සත් ජනපදයේ එය ඩොලර් 9000 ඉක්මවා ඇති අතර සංවර්ධිත රටවල සාමාන්‍ය අගය ඩොලර් 3600ක පමණ වේ.ලෝකයේ සාමාන්‍ය අගය ඩොලර් 600කට වඩා වැඞිය.

රටක සමස්ත සෞඛ්‍ය වියදම් වලින් රාජ්‍ය පංගුව (government expenditure as a % from total health expenditure) සලකා බැලූවිට කියුබාව 100% කට ආසන්න ප‍්‍රමාණයක් යොදවයි. රටවල් 10ක් පමණ 90% කට වඩා යොදවයි. සංවර්ධිත රටවල සාමාන්‍ය 70%ක් පමණ වේ. ලෝකයේ සාමාණ්‍ය අගය 56%පමණ වේ. නමුත් ශ‍්‍රී ලංකාවේ 40%ට වඩා අඩු වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇත්තතේ එම ප‍්‍රමණය 70%ක් දක්වා වැඞි කරන ලෙසයි.

සෞඛ්‍ය වියදමෙන් 50% අතින් ගෙවන රටක් 

එමෙන් ම සමස්ත සෞඛ්‍ය වියදමෙන් රෝගීන් හෝ ඔවුන්ගේ පවුලේ අය සෘජුව සෞඛ්‍ය සදහා වියදම් කරන ප‍්‍රමාණය ප‍්‍රතිශතයක් ලෙස (out of pocket expenditure as a % from from total health expenditure) ගත් කළ අප රටේ 50%කට අධික අගයකි. එහි ලෝකයේ සාමාන්‍ය අගය 20%ක් පමණ වන අතර 30%ඉක්මවන විට රටේ සෞඛ්‍ය තත්වය අසාර්ථකත්වයට පත්වේ. ඉන් කියවෙන්නේ අප රටේ සමස්ත සෞඛ්‍ය ව්යදම් වලින් 50%වැඩි ප‍්‍රමාණයක් දෛනිකව පොකැට්ටුවෙන් වියදම් කිරීමට සිදු වී ඇති බවයි.

ඉහතින් සදහන් කළ මූල්‍යමය සෞඛ්‍ය දර්ශක (financial health indicators) සලකා බැලූවිට අප රටේ සෞඛ්‍ය සදහා රජය මගින් යොදවන මුදල් ප‍්‍රමාණය ඉතාම පහළ මට්ටමක පවතින බව මනාව පැහැදිලි වේ. එය රටක් ලෙස බරපතල තත්වයක් වන අතර කිසිසේත්ම සෑහීමකට පත්විය හැකි තත්වයක් නොවේ.

ජනගහනයෙන් ව්ශාල ප‍්‍රමාණයක් ජිවත් වන්නේ රෝගින් ලෙස

නීරෝගී ජීවිත කාළය යනු තවත් නවීන සෞඛ්‍ය දර්ශකයකි. අද අපේ රෙටි දියවැඞියාව ,හෘද රෝග, අධිරුධිර පීඩනය, අධික රුධිර කොලෙස්ටරෝල් ආදී බෝ නොවන රෝග ඉතාම අඩු වයසින් වැලදීමේ ප‍්‍රවණතාවය වැඞි වී ඇත. ජනගහණයෙන් ම්ලියන ගණනක් බෝ නොවන රෝග වලින් පෙලෙන අතර ඔවුන්ට සිය ජීවිත පවත්වාගෙන යාම සදහා ඖෂධ මත යැපීමට සිදුවී ඇත. ඒ අනුව ජනගහනයෙන් ව්ශාල ප‍්‍රමාණයක් අද තමන්ගේ ජීවිතය විශාල කාලයක් ගතකරණු ලබන්නේ රෝගින් ලෙසය. රටක ජන ගහණය නීරෝගී මෙන්ම උගත්වන තරමට එහි මානව සම්පතේ අගය වැඩිවේ. රෝගීන් වැඩිවන තරමට මානව සම්පතේ අගය අඩුවන අතර එය රටේ නිෂ්පාදන අගය අඩුවීමට සෘජුව බලපාන සාධකයකි. සංවර්ධිත රටවල් සෞඛ්‍ය සදහා වැඩි වියදමක් දරමින් රටේ ජනතාව නිරෝගීව තබා ගැනීමෙන් රටේ නිෂ්පාදනය ඉහළ මට්ටමකට ගෙන යාමට උත්සාහ දරයි.

රටක ජනතාවගේ සෙඛ්‍ය තීරණය කරන සාධක (health determinant factors) ව්ශාල ප‍්‍රමාණයක් ඇත. ජානමය සාධක හැරුණු විට අධ්‍යාපනය, සෞඛ්‍ය සේවාව, කෘෂිකර්මාන්තය, ආහාර, ජලය, ක‍්‍රීඩාව ,ප‍්‍රවාහණය, කාර්මීකරණය වන ප‍්‍රමාණය ආදිය ඉන් ප‍්‍රධාන වේ. අවසාන වශයෙන් රටක සමස්ත සමාජ, ආර්ථික, දේශපාලනික තත්වය ඒ රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්වය තීරණය කරයි.

පුද්ගලික රෝහල් ප‍්‍රමාණය 50ක පමණ සිට 250ක පමණ දක්වා වැඩිවන විට රජයේ රෝහල් පමාණය 600 සිට 550 දක්වා පහලට

රටක යහපත් සෞඛ්‍ය සේවාවක් පවත්වා ගෙන යාමට අත්‍යාවශ්‍ය වන ප‍්‍රධාන කාරණා තුනක් ඇත. එනම් අවශ්‍ය ප‍්‍රමාණයට අරමුදල් යෙදවීම (funding), ප‍්‍ර‍්‍රමාණවත් මානව හා භෞතික සම්පත් ප‍්‍ර‍්‍රමාණයක් උත්පාදනය කිරීම (Resource generation) සහ නිසි නායකත්වයක් ලබා දීම ( stewardship / leadership) යන කාරණා වේ.ඉහත සාධක යහපත් නම් පමණක් යහපත් සෞඛ්‍ය සේවාවක් සැපයිය හැක. ඒ අනුව අපේ රටේ ප‍්‍රමාණවත් මුදල් වෙන් නොකිරීමත් භෞතික හා මානව සම්පත් හිගයත් නිසි නායකත්වයක් නොමැතිවීමත් නිසා සෞඛ්‍ය සේවාව අයාලේ යන තත්වයක් උදාවී ඇත.වෛද්‍යවරයාගේ සිට කණිෂ්ඨ සේවකයා දක්වා ඇති කාර්යය මණ්ඩල හිගය, සිරින්ජරයේ සිට අක්ෂි කාච, කාඩියැක් ස්ටෙන්ටි, පිළිකා නාශක ඖෂධ දක්වා ඖෂධ හා උපකරණ හිගයත්, සරළ ලේ මුත‍්‍රා පරීක්ෂණයේ සිට ct scan,MRIscan වැනි මිල අධික පරීක්ෂණ බොහෝ ප‍්‍රමාණයක් පිටතින් කර ගැනීමට සිදුවීමත් හරහා එය ප‍්‍රකාශයට පත් වී ඇත. 80 දශකයේ මුල් භාගය වන විට සමස්ත සෞඛ්‍ය සේවයේ රාජ්‍ය පංගුව 95% පමණ වූ අතර අද වන විට භාහිර රෝගීන්ගෙන් 50% සහ අභ්‍යන්තර රෝගීන්ගෙන් 15%ක් 20%ක් පමණ පුද්ගලික අංශය වෙත යොමු කර සෞඛ්‍ය සේවාවෙන් ව්ශාල කොටසක් පෞද්ගලීකරණය කර හමාරය. 2006 වර්ෂයේදී සම්මත කළ පෞද්ගලික වෛද්‍ය ආයතන නියාමන පනත හරහා රට පුරා පුද්ගලික සෞඛ්‍ය සේවය වර්ධනය වීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලදි. එතැන් සිට මේ දක්වා පුද්ගලික රෝහල් ප‍්‍රමාණය 50ක පමණ සිට 250ක පමණ දක්වා වැඩි වී ඇත. රජයේ රෝහල් පමාණය 600ක් පමණ ප‍්‍රමාණයක සිට 550ක් පමණ දක්වා අඩු වී ඇත.

රට පුරා දියවැඩියාව, අධිරුධිර පීඩනය, රුධිරයේ අධික කොලෙස්ටරෝල් හා හෘද රෝග වලින් පීඩාව්දින රෝගීන් ප‍්‍රමාණය වේගයෙන් ඉහල යයි. එම රෝගීන් සියල්ල ආවරණය වන පරිදි සකස් කළ ව්ධිමත් ප‍්‍රතිකාර වැඩපිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නැත. එම නිසා බොහෝ රෝගීන්ට නිසි ප‍්‍රතිකාර නොලැබෙන අතර ඔවුන් පිළිබද වගකීමක් සෞඛ්‍ය අමාත්‍යංශය නොදරයි. මේ තත්වය හමුවේ රෝගීන් විශාල ප‍්‍රමාණයකට එම රෝගවල සංකූලතා වලට මුහුණ දීමට සිදුවී ඇත. අංශභාගය, හෘදයාබාධ, වකුගඩු අක‍්‍රීයවීම, සදාකාලික අන්ධභාවය ඒවා අතර ප‍්‍රධාන වේ.

මුදල් නොමැතිකම නිසා ජීවිතය අත්හැරීමට දුප්පතුන්ට සිදු වී ඇති රටක ප‍්‍රභූ දේශපාලකයන් මහජන මුදලින් ප‍්‍රතිකාර සදහා විදෙස් ගතවීම පිළිකුල් සහගතය.

මේවන ව්ට අප රටේ හෘද කිරීටක ධමනි අවහිරවීම (coronary artery occlusion) නිසා කිරීටක ධමනි බද්ධකිරීමේ සැත්කම හෙවත් බයිපාස් සැත්කම (CABG-coronary artery bypass graft) සදහා යොමු වී පොරොත්තු ලේඛණ වල දිගු කාලයක් රැදී සිටීමට සිදු වු රෝගීන් ගණන හය හත් දහස ඉක්මවයි. එම රෝගීන් දැඩි ජීව්ත අවධානම් තත්වයක පසුවන අතර විශාල පිරිසක් පොරොත්තු ලේඛණ වල සිටියදීම මිය යාම අතිශයින්ම ශෝචනීය තත්වයකි. තවද එම රෝගීන් එම පොරොත්තු ලේඛණ වලට එක්වීමට පෙර හෘද රෝග අංශවල සැලකියයුතු කාළයක් මිඩංගුකර ඇත. ඊට හේතුව රෝග ව්නිශ්චය සදහා එක්සසයිස් ඊසීජී හා ඇන්ජියෝග‍්‍රෑම් පරීක්ෂණ කර ගැනීමටද සැලකිය යුතු කාලයක් ගතවීමයි. එම පරීක්ෂණ සදහාද පොරොත්තු ලේඛණ ඇත. එම කාලය වසරක් පමණ වේ මේඅණුව සියළු පරීක්ෂණ කර ශල්‍ය කර්ම සදහා යොමුවීමට ගතවන කාළය සාමාන්‍යයෙන් වසර දෙකක් තුනක් පමණ වේ. පුද්ගලික අංශයෙන් මෙම ශල්‍ය කර්මය කර ගැනීම සදහා රුපියල් ලක්ෂ 08ත් 9ත් අතර මුදල් ප‍්‍රමාණයක් වැය වේ. එයින් වැට් බද්ධ ලෙස රුපියල් 120000 – 135000 ආණ්ඩුවට ගෙවීමට සිදු වී ඇත. ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ එකහමාරක් පමණ ලැබුණද එය අනෙක් අතින් වැට් බදු ලෙස ගෙවූ විට ඉතිරි වන්නේ සොච්චමකි. මේ ආකාරයෙන් ජීවිතයත් මරණයත් අතර ගත කරණ රෝගීන්ගෙන් මේ සා විශාල බදු මුදලක් අය කර ගැනීම බරපතල ඛේදවාචකයකි. මුදල් නොමැතිකම නිසා ජීවිතය අත්හැරීමට දුප්පතුන්ට සිදු වී ඇති රටක ප‍්‍රභූ දේශපාලකයන් මහජන මුදලින් ප‍්‍රතිකාර සදහා විදෙස් ගතවීම පිළිකුල් සහගතය.

ජාතික රෝහලේ හෘද රෝග අංශයේ ශල්‍ය කර්ම සිදුකෙරෙම්න් තිබූ ශල්‍යාගාර දෙකක් හා දැඩිසත්කාර ඒකකය වසා දමා අවුරුද්දකුත් මාස 08ක්

මේ වන ව්ට ජාතික රෝහලේ හෘද රෝග අංශයේ ශල්‍ය කර්ම සිදුකෙරෙම්න් තිබූ ශල්‍යාගාර දෙකක් හා දැඩිසත්කාර ඒකකය වසා දමා අවුරුද්දකුත් මාස 08ක් ගත වී ඇත. අලූත්වැඩියා කටයුත්තක් සදහා මාස තුනක කාලයකට වසා දැමූ එම ඒකකය ව්වෘත කිරීමට තවමත් නොහැකි වී තිබේ. පස්වතාවක් කොන්ත‍්‍රාත්තුව සදහා අවසන් නිවේදන ලබාදී තිබුණද මේ දක්වාම අළුත්වැඩියාව අවසන් කර නොමැත. මේ නිසා සතියේ දින වල දිනකට සිදුකළ හැකිව තිබූ ශළ්‍ය කර්ම දෙක බැගින් පළමු මාස තුන අත්හල විට දළ වශයෙන් ශළ්‍ය කර්ම 700ක් සිදුකිරීමට නොහැකි වී ඇත. ඒ වෙනුවට ස්නායු ශල්‍ය ඒකකයෙන් ශළ්‍යාගාරයක් ලබා දී තිබුණද එය හෘද ශළ්‍යකර්ම සිදුකිරීමට සුදුසු ස්ථානයක් නොවේ. කරාපිටිය රෝහලේ 2015 හා 2016 වර්ෂ වල ශළ්‍යාගාරයේ අලූත්වැඩියාවන් හා කාර්යය මණ්ඩල අතර පැවැති ගැටුම් හේතුවෙන් වරින් වර වසා දැමීමට සිදුවිය.

අනුරධපුර, යාපනය, කුරුණෑගල යන ශීක්ෂණ රෝහල් වලට හෘද ශල්‍ය වෛද්‍යවරු තිදෙනකු පත්කර ඇතත් අනෙකුත් පහසුකම් ලබා දී නොමැති නිසා මේ දක්වාම ශළ්‍ය කර්ම ආරම්භ කිරීමට නොහැකි වී ඇත. දැනට ශ‍්‍රී ලංකාවේ නොමිලේ හෘද ශල්‍ය කර්ම සිදු කරණ රෝහල් වන්නේ කොළඹ ජාතික රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, මහනුවර මහ රෝහල ,කරාපිටිය ශීක්ෂණ රෝහල යන ආයතන වේ. ජයවර්ධනපුර රෝහලේ සැත්කම් කිරීමට සාමාන්‍ය රෝගීන්ට රුපියල් ලක්ෂ හතර හමාරක්ද පෞද්ගලික රෝගීන්ට ලක්ෂ හය හමාරක්ද ගෙවීමට සිදුවේ. වෙනත් රජයේ රෝහලක හෘද ශළ්‍ය අංශයකින් යොමුකළ විට නොමිලේ සිදු කරණ අවස්ථාද තිබේ. මීට අමතරව පුද්ගලික රෝහල් 07ක සැත්කම් සිදුකරණු ලබයි.

ලංකාවේ ආසන්න වශයෙන් ජනගහණයෙන් ලක්ෂ 10කට එක් විශේෂඥ ශළ්‍ය වෛදවරයයි

විශේෂඥ හෘද ශල්‍ය වෛද්‍යවරුන් 22ක් රට තුල සේවය කරන අතර එයින් 06 දෙනෙක් පුද්ගලික අංශයේ පමණක් සේවය කරණ අතර අනෙකුත් වෛද්‍යවරුන්ගෙන් කිහිපදෙනෙකු පුද්ගලික අංශයේද සේවය කරණු ලබයි. පුද්ගලික අංශයේ පමණක් සේවය කරණු ලබන 06 දෙනාගෙන් තිදෙනෙක් ශ‍්‍රී ලාංකික වෛද්‍යවරුන් වන අතර ඉතිරි තිදෙනා ඉන්දියානු ජාතික වෛද්‍යවරුන්ය. රාජ්‍ය අංශයේ වෛද්‍යවරුන්ගෙන් බොහෝ දෙනෙකුට අවශ්‍ය යටිතල පහසුකම් නොමැතිවීම නිසා උපරිම ධාරිතාවයකින් ශළ්‍ය කර්ම කිරීමට නොහැකි වී ඇත.

අපේ රටේ ජන ගහණය ම්ලියන 21 ක් පමණ වේ. ඒ අනුව ආසන්න වශයෙන් ජනගහණයෙන් ලක්ෂ 10කට එක් විශේෂඥ ශළ්‍ය වෛදවරයකු බැගින් සිටී. එය ලෝකයේ අනෙකුත් රටවල් සමග සලකා බැලීමේ දී ඉතාම අඩු ප‍්‍රමාණයකි. ඇමරිකා එක්සත් ජනපදයේ ලක්ෂයකට 1 බැගින් ද එංගලන්තයේ එක්ලක්ෂ පනස් දහසකට 1 බැගින් ද ඕස්ට්‍රේලියාවේ එක්ලක්ෂ අසූ දහසට 1 බැගින් ද මැලේසියාවේ ලක්ෂ පහකට 1 අයකු බැගින් ද සිටී. මැලේසියාව ඔවුන්ගේ රටේ හිගයක් ඇති බව පිළිගනිම්න් එය අඩු කර ගැනීමට කටයුතු කරම්න් සිටී.

රට බයි පාස් කරගෙන ගිහින් බයි පාස් සැත්කම කර ගන්න අපේ දේශපාලුවෝ

මීට අමතරව හෘද පෙනහළු නිවේෂකයින්, හෙද හෙදියන්, භෞත ච්කිත්සකයින් හා තාක්ෂණ වේදීන්ගේ ද විශාල හිගයක් පවතී. දැනට තිබෙන තොරතුරු අනුව දළ වශයෙන් හෘද කිරීටක ධමන බද්ධ කිරීමේ සැත්කම හෙවත් බයි පාස් සැත්කම සදහා 6000-7000 පමණ රෝගීන් ප‍්‍රමාණයක් පොරොත්තු ලේඛණ වල රැදී සිටී. පොරොත්තු ලේඛණ වල රැදී සිටිය යුතු කාලය බොහෝ රෝගීන්ට වසර දෙකක් තුනක් පමණ වේ. මීට අමතරව නිසි ප‍්‍රතිකාර සදහා යොමු නොවීම නිසා දෛනිකව හෘදයාබාද හේතුවෙන් මිය යන රෝගීන් සංඛ්‍යාව සිය ගණනකි. මෙම තත්වය වෙනස් කිරීම සදහා වගකීම ඇත්තේ ආණ්ඩුවටය. නමුත් ආණ්ඩුවේ දේශපාලකයන් හා ප‍්‍රභූවරුන් බොහෝ පිරිසක් තමන්ට හෘදයාබාද වැලදුනුව්ට විදෙස්ගත වී ප‍්‍රතිකාරගත් බව නොරහසකි. කථානායකවරයා, අගමැතිවරයා සහ ” සෞඛ්‍ය ඇමතිවරයා ” ඉන් කිහිපදෙනෙකි. ඔවුන් ඒ සදහා වියදම් කර ඇත්තේ මහජන මුදල්ය. නමුත් ඉන්දියාවේ හිටපු අගමැති වූ මංමෝහන් සිං මහතා අගමැතිවරයා වශයෙන් සිටියදී තම බයි පාස් සැත්කම කරගෙන ඇත්තේ ඉන්දියානු රජයේ රෝහලකිනි (all india institute of health sciences). මැලේසියාවේ මහතීර් මොහොමඩ් මහතා අගමැතිවරයා වශයෙන් සිටියදී තම බයිපාස් සැත්කම සිදුකර ඇත්තේ ද තම රටේ රජයේ රෝහලකිනි. තායිලන්තයේ උප ජනාධිපතිවරයාද එසේමය. පාකිස්ථානයේ නවාස් ෂරීප් මහතා තම බයිපාස් සැත්කම පුද්ගලික ව්යදම්න් එංගලන්තයේදී සිදුකරගෙන ඇත.

හෘද රෝග වැලදී ජීවිතයත් මරණයත් අතර ගත කරන අපේම රෝගීන් දහස් ගණනකගේ ශෝචනීය ඉරණම වෙනස් කිරීමට නම් කඩිනම්න් ගත යුතු ක‍්‍රියාමාර්ග ගණනාවක් ඇත. පළමුවෙන්ම ජාතික රෝහලේ දැනට අවුරුද්දකුත් මාස 08ක තිස්සේ වසා දමා ඇති ශල්‍යාගාර සංකීර්ණය කඩිනම්න් අළුත්වැඩියාවන් අවසන් කර ව්වෘත කළ යුතුය. දැනට යටිතල පහසුකම් සපයා නැති යාපනය, අනුරධපුර, කුරුණෑගල ශීක්ෂණ රෝහල්වල ඇති මධ්‍යස්ථාන වලට අවශ්‍ය සම්පත් සපයා දී ඉතා ඉක්මණින් ශළ්‍ය කර්ම ආරම්භ කළ යුතුය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ 2020 වැඩපිළිවෙල යටතේ ක‍්‍රියාත්මක කිරීමට නියම්තව ඇති සෑම පළාතක් සදහාම එක් ශළ්‍ය කර්ම මධ්‍යස්ථානයක් පිහිටුවීමත් ඒ යටතේ රත්නපුර, බදුල්ල, මඩකළපුව යන පළාත් මහ රෝහල් වල නව හෘද සැත්කම් මධ්‍යස්ථාන ඇති කිරීමට පියවර ගැනීමත් දැනට පවත්වාගෙන යනු ලබන ආයතන වල පහසුකම් සම්පූර්ණ කිරීමටත් කටයුතු කළයුතුය. දැනට ශළ්‍ය කර්ම සිදුකරණ මධ්‍යස්ථාන වලද විවිධ අඩුපාඩුකම් නිසා ශල්‍ය කර්ම සිදු කිරීම නැවතීමට ඉඩ ඇති බව විශේෂඥ වෛද්‍යවරුන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇති බව වාර්ථා වේ. ඉහත යෝජනා ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු ආණ්ඩුව ක‍්‍රීයාත්මක නොවුණහොත් ශළ්‍ය කර්ම බලාපොරොත්තුවෙන් සිටින දහස් ගනනකගේ ජීව්ත අහිම් වී යනු ඇත. මේ පිළිබදව සම්පූර්ණ වගකීම ඇත්තේ ආණ්ඩුවටය. අනුව ආණ්ඩුව කඩිනම්න් ක‍්‍රියාත්මක ව්ය යුතුව ඇත.

ස්තූතියි.
මෙයට,
වෛද්‍ය ජයන්ත බණ්ඩාර
ප‍්‍රධාන ලේකම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here