තවත් හස්ති රාජයෙක් තබ්බෝවේදී මරණයට පත්වෙයි

0

තබ්බෝව අභය භූමිය තුල  සැරි සැරූ  දැවැන්ත ගණයේ හස්ති රාජයෙකු ඊයේ  (29) වන දින රාත්‍රි කාලයේදී දඩයම් කරුවෙකු විසින් වෙඩි තබා ඝාතනය කර තබ්බෝව වැව් තාවුල්ලේ තිබී කරුවලගස්වැව වන ජීවි කාර්යාලයේ නිළධාරින්ට හමුව ඇති බව කියයි.

මෙසේ වෙඩි  තබා ඝාතානය කර ඇත්තේ ත්බබෝව අභය භූමියේ සැරිසරමින් සිටි හස්ති රාජයෙකු බව කියයි. වයස අවුරුදු විසි පහක් පමණ වන උස අඩි හත හමාරකින් සමන්විත අඩි තුනක් පමණ දිගැති දළ යුගකට හිමිකම් කිවූ බව කියයි.

තබ්බෝව අභය භූමිය තුල සැරිසරමින් සිටියදී මෙලෙස වෙඩි තැබීම සිදුකර ඇති බවත් අදාල වෙඩි තැබීමෙන් තුවාල ලබා වැව් තාවුල වෙත  පැමිණ මෙසේ මරණයට පත්ව ඇති බව කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු මේ වන තෙක් සොයා ගැනීමට නොහැකි ඇති බව කියයි. නමුත් මේ වන විට අදාල හස්ති රාජයාගේ මෘත දේහය පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සදහා භාජනය  කර ඇති අතර එහිදි වැඩි දුරටත් අනාවරණය වී ඇත්තේ පපුව ප්‍රදේශයේට සිදුකල  වෙඩි තැබීමකින්  සිදු වූ හදසි මරණයක් බවයි.

සටහන සේයා රූ

පුත්තලමකේ.ප්‍රියංකර

2017.11.29

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here