අපිව එලවන්න ලේසි වෙන්නේ නෑ….!

0

ආණ්‌ඩුවේ නියෝජිතයන් තර්ජනය කළ ද මහජන ඡන්දයෙන් තේරී පත්ව සිටින ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් 45 දෙනකු පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීම සිතනා තරම් සරල කාරණයක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ පවසනවා.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සමඟ ඒකාබද්ධ විපක්‍ෂය ගිවිසුමකට එකඟ වන්නේ නැත්නම් එම මන්ත්‍රීවරුන්
පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීමට ක්‍රියාමාර්ග ගන්නා බවට ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් ව්‍යංග ලෙස තර්ජනයක්‌ කෙරී තිබෙන බවයි ඔහු සඳහන් කර සිටියේ.

එලෙස බියකර ගිවිසුම්වලට එළඹීමට බලකිරීමට කිසිසේත් නොහැකි බවත්, ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට විරුද්ධව එවැනි ක්‍රියාමාර්ගයක්‌ ගතහොත් දේශපාලන හා නීතිමය වශයෙන් ඒ සඳහා මුහුණදීමට ඒකාබද්ධ විපක්‍ෂයට ශක්‌තිය තිබෙන බවත් ඔහු සඳහන් කළා.

වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවක්‌ ලබාගත් මන්ත්‍රීවරුන් 45 දෙනා ගෙදර යවා ඒ වෙනුවට ජනතාව ප්‍රතික්‍ෂේප කළ අය පාර්ලිමේන්තුවට ගෙන ඒමට යැම ජනතා මතයට පයින් ගැසීමක්‌ බවත් පාර්ලිමේන්තුව ජනතා මතයේ කැඩපත බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

G. L. Peiris