පන්සිල් පද පහ රැක්කානම් “ඒඩ්ස්”(AIDS) මාරාන්තික රෝගය වැලදෙන්නේ නෑ

0

ඒඩ්ස් රෝගය ගැන පාසැල් මට්ටමේ සිට දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම මඟින් මෙම උවදුර තවදුරටත් ව්‍යාප්ත වීම වැළක්වීමට ක්‍රියාකිරීම සුදුසු බව පෙනී යන බව ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ ඇම්.පී.ජයසිංහ පවසයි.

ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් බදුල්ලේ පැවති පාගමන සහ වැඩසටහනට එක්වෙමින් ආදිවාසි නායක ඌරු වරිගයේ වන්නියලැත්තෝ සදහන් කලේ පන්සිල් පද පහවත් රැකගෙන කටයුතු කරන්නේ නම් මේ අකාරයේ මාරාන්තීක රෝග වලක්වා ගත හැකි බවයි.

මෙහිදී අදහස් ප්‍රකාශ කළ ආදිවාසි නායක ඌරු වරිගයේ වන්නියලැත්තෝ-

ලෝකයේ මෙම රෝගය පැතිරීම අනුව බලන විට ලංකාවේදී සැහෙන වර්ධනයක් තිබෙන බව පැහැදිලියි. මිට පෙර මාතර ගාල්ල වැනි ප්‍රදේශ වල වැඩිපුර තිබුනත් දැන් බදුල්ල වැනි ප්‍රදේශවලත් පැතිරීම වැඩි වි ඇති බව පැහැදිලියි, මිනිසා මනසින් උසස් අයකු සේ සලකන බැවින් මෙවැනි වසංගතයන්ගෙන් වැලකි ක්‍රියා කිරීම ගැන අවබෝධයකින් සිටිය යුතුය. අප බෞද්ධයන් වශයෙන් පන්සිල් පද පහවත් රැකගෙන කටයුතු කරානම් මෙවැනි රෝග වලට ලක්වීම වලක්වා ගත හැකියි, සමහර පුද්ගලයින්ගේ මේ ක්‍රියාකාරකම්වලින් තිරිසන් ලෝකයේ සිටින අයගේ හැසිරීම් පිළිඹිබු වන බව පැහදිලියි. වෛද්‍ය නිලධාරීන් මෙම රෝගය වැළක්වීමට ගන්නා ක්‍රියා මාර්ග අප අගය කලයුතු බව පැවසිය යුතුයි.

තව දුරටත් රැස්වීම ඇමතු ආණ්ඩුකාරවරයා –

ඒඩ්ස් මාරාන්තික රෝගයක් මෙම රෝගය ව්‍යාප්ත වීම වැළක්වීමට දැනට විවිධ ක්‍රියා මාර්ග අනුගමනය කර තිබෙනවා. ජාත්‍යන්තර ඒඩ්ස් දිනය නිමිත්තෙන් අද දින පාගමනක් පැවැත්වුනා, මමද ඒ සඳහා සහභාගී උනේ එහි වැදගත්කම නිසයි. වෛද්‍ය නිලධාරීන් ඇතුළු සංවිධායක මණ්ඩලය මෙම කටයුතු සංවිධානය කර තිබීම ඉහලින් අගය කලයුතුයි.

ඒඩ්ස් රෝගය පිළිබඳව දැනුවත් කිරීම් අධ්‍යාපනය ලබන පාසැල් වලදී සිදුකිරීම මඟින් වැඩිහිටියන් බවට පත්වන විට එහි බරපතල කම වැටහී රෝගය පැතිරීම වලක්වා ගැනීමට හැකියාව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍යය සේවය ජනතාවට වඩා හොඳ සේවයක් ලබාදීමට සමගාමිව ක්‍රියා කරනවා. මේ සඳහා අනෙකුත් රාජ්‍ය ආයතනවල සහාය ලබාදීම අත්‍යවශ්‍ය කරුණක්.

HIV/AIDS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here