අපේ ජනපති අපිට දෙන්න කිය කියා, පක්ෂේ කඩන්න හදනවා

1

අපේ ජනාධිපති අපට බාර දෙන්න කියා මහින්ද රාජපක්ෂ මහතා කියද්දි පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්න ඒ අය මුදල් තැන්පත් කරන බවත් ශ්‍රී ලනිපය දුර්වල කර තම ඉල්ලීම් දිනා ගැනීමට ශ්‍රිලනීප පාක්ෂිකයින් අකමැති බව කොළඹ දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක අධිනීතිඥ රජික කොඩිතුවක්කු  පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ ඊයේ (30) පැවැති විශේෂ හමුවේ දී රජික කොඩිතුවක්කු සඳහන් කර සිටියේ ඒකාබද්ධයේ කිසිවෙක් තවමත් ශ්‍රිලනීපයෙන් අස්වී නොමැති බවත් පක්ෂයේ සිටිමින් මන්ත්‍රීකම කර වරප්‍රසාද ලබා ගත්තට එම පිරිස ශක්තිමක් කරන්නෙ වෙනම කණ්ඩායමක් බවත් ය.

“ශක්තිමත්ව ඉදිරියට යන ශ්‍රී ලනිපයට කිසිදු අවශ්‍යතාවයක් නැහැ තවත් පාර්ශවයක මුක්කුවක් හෝ අතකොලුවක් බවට පත්වීමට. පක්ෂයෙන් වෙන්වුන කණ්ඩායම එක්කර ගැනීමට දිගටම ඉල්ලීමක් තිබුණා. ඒ අනුව ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාවෙ බහුතර ඉල්ලීමක් වුණේ පක්ෂය කඩාගෙන ගිය අයට නැවත එක්වීමට ඉඩ දෙමු යන්නයි. එම ඉල්ලීමට පක්ෂ නායක ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇහුම්කන්දීමක් කෙළේ. මේ ඉල්ලීමකට ඇහුමකන් දිමක් මිස ශක්තිමක් කමේ අඩුවක් නිසා වූවක් නොවේ.”

“දේශපාලන ධාරාවේ ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේද යන්න පරිනත දේශපාලඥයෙකු ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාට තිබෙන්නේ මහා දැනුම සම්භාරයක් . දේශපාලනය කියවීමට ඔහුට ඇති හැකියාව මත ඉදිරි ජයග්‍රහණ දක්වා පක්ෂය රැගෙන යාමට මනා දැනුමක් එතුමා සතුයි. ප්‍රධාන පක්ෂ කිහිපයක් දැනටමත් එකඟතාවය පළකර තිබෙනවා එක්ව ගමන් කිරීමට. මේ අනුව ඒකාබද්ධයටත් ආරාධනාකර තිබෙනවා. එක් එක් කණ්ඩායමට විශේෂත්වයක් මෙහිදී සිදු කෙරෙන්නෙ නැහැ.”

“අපරාධකරුවන් ලෙස අධිකරණය හමුවේ චෝදනා ලබා ඇති අයට පාළාත් පාලන ඡන්දයේ දි නාමයෝජනා ලබා නොදීමට ශ්‍රී ලනිපය තීරණයක් ගෙන තිබෙනවා. පොහොට්ටුවෙ ලේකම්වරයාගෙන් අපි අසනවා අපරාධ චෝදනා එල්ල වී ඇති අය ඉවත් කිරීමට තීරණය කළ හැකි ද කියා. එදා අල්ලස් දූෂණවලින් සාක්කු පුරවා ගත් අය අද මහින්ද රාජපක්ෂ මහතා ලඟට ගිහින් සිටිනවා. මෙවැනි අයට මහින්ද මහතාගේ පින්තූරයෙන් තමන්ගෙ වැරදි වසා ගන්න නොහැකි බව මතක් කර දිය යුතුයි.”

“තම පක්ෂ නායකයාගේ පින්තූරය ප්‍රදර්ශනය කළ නොහැකියි යන මැතිවරණ නීතිය ක්‍රියාත්මක ඇතුලු මැතිවරණ නීති නිවැරදිව ක්‍රියාත්මක කළොත් ඔවුන්ට තම අසුන අහිමි වෙනවා. වංචා දූෂණ වසා ගැනීමට උත්සාහ කරන අයට නොවෙයි ශ්‍රී ලනිපය තිබෙන්නෙ. නිවැරදි පිරිසිදු තරුණ නායකයන් මේ වන විටත් හඳුනාගෙන මැතිවරණයට එක්කර ගැනීමට ශ්‍රී ලනිපය කටයුතු කර අවසන්.”

“ඒකාබද්ධයේ තරුණ මන්ත්‍රීවරයෙක් ශ්‍රී ලනිපය පස්සෙන් එන බව කියනවා මා දුටුවා. එය වැරදි ප්‍රකාශයක්. වාම බලවේග එක්කර ගැනිමේ ශ්‍රීලනිප මධ්‍යම බල මණ්ඩලයේ තීරණය අනුව මේ අයටත් පක්ෂයට එක්වීමට දොරටු හැර තිබෙන නමුත් විශේෂයෙන් එක කණ්ඩාමක් එල්ලකර කටයුතු කෙරෙන්නෙ නැහැ. තරුණ මන්ත්‍රීවරයෙක් ලෙස එවැනි උද්දච්ඡ කතාවක් කීම නුසුදුසුයි.”

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය අනිවාර්යයි. වෙන්ව ගිය අය එක්වීමෙන් එය විජයග්‍රහණයක් කිරීමටයි අපට වුවමනා වී තිබෙන්නෙ. ගමේ පාක්ෂිකයාගේත් අවශ්‍යතාවය නායකයන් එක්විය යුතු බවයි. එමෙන්ම පාක්ෂිකයන් වෙන් වුවොත් පක්ෂය දෙකඩ වන බවට පාක්ෂිකයා දැනුවක් කිරීමට ද පියවර ගෙන තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාත්‍යන්තර ප්‍රසාදය දිනාගෙන සිටින නායකයෙක්. දකුණු කොරියා සංචාරයේ දී එරට ජනාධිපති නිල හමුව ඉදිරි දිනයට යෙදී තිබියදී ඊට පෙර දින මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගැනීමට එරට ජනාධිපති පැමිණ සිටීමෙන් මේ ජාත්‍යන්තරයේ පිළිගැනීම කොපමණද යන්න අපට වඩාත් හොඳින් දැකිය හැකියි.” ඔහු මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වා සිටියා.

 

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here