අයාලේ ගියොත් ගෙදර එනවා බොරු…….!

0

බස්නාහිර පළාතේ මහනගර ප‍්‍රදේශයන් හි අයාලේ යන ගවයින් මෙම මස 15 වැනිදාට පෙර ඉවත් කර නොගත හොත් එම හිමිකරුවන්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

අද (01) එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

මේ වන විට බස්නාහිර පළාතේ මහනගර ප‍්‍රදේශයන් හි ලියාපදිංචි කළ හා නොකළ ගවයින් 687 ක් සිටින බවත් ගවයින් නිදැල්ලේ හැසිරීම, මහමග ලැග සිටීම, ජනතාවට හා ව්‍යාපාරිකයන්ට පීඩාවක් මෙන්ම මාර්ග තදබදයට හේතුවක්  බවත් අමාත්‍යවරයා පවසා සිටියා.

ඒ අනුව නගර විධිමත්කරණය යටතේ අයාලේ යන ගවයින් අල්ලා ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ ඇති ගව අනාථාගාරයට යොමු කිරීමට ඉදිරියේදී කටයුතු කරන බැවින් ගව හිමියන්ට තම ගවයින් පාලනය කළ නොහැකි නම් අමාත්‍යාංශය වෙත ලබාදිය හැකි බවත් අමාත්‍යවරයා මෙහිදි පවසා සිටියා.

Champika Ranawaka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here