තාජුඩීන් ඝාතකයන් සොයා……., දුරකතනයේ වසර තුනක ඉතිහාසය එළියට

0

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනයට ආසන්න කාලයේදී පාවිච්චි කළ නොකියා 07 ජංගම දුරකථනයේ වර්ෂ 2012 ජනවාරි 01 සිට 2015 අගෝස්තු 03 දක්වා කාලය තුළදී පටිගත වී ඇති දුරකථන ඇමතුම් හා කෙටි පණිවිඩ සම්බන්ධ සම්පූර්ණ වාර්තාවක් ලබා ගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 30 වෙනිදා අධිකරණය වෙත ලබා දුන්නා.

අදාළ දුරකතනය බගවන්තාලව ගලන්කෝවත්ත පදිංචි විර්ධරාජා රාජ් බරිති නොහොත් “අච්චි” නැමැත්තා භාරයේ තිබී 2015 අගෝස්තු මස 03 වෙනිදා සොයා ගත් අතර 2015 සැප්තැම්බර් 09වනදා නඩු භාණ්ඩයක් ලෙස අධිකරණය වෙත ලබා දී ඇත.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෑතකාලයේදී ස්ථාපිත කළ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපතිවරයා වෙත නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා (NSK/UPED) මෘදුකාංග භාවිත කරමින්  අධිකරණයට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනී මැරුම් අංශයට පිටපතක් ලබා දෙන ලෙසට ඉකුත් 08වන දින  නියෝග කර ඇත

2012 මැයි 16 හා 2012 මැයි 17 දින කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම දුරකථන කුළුණු ස්මප්‍රේක්ෂණ දුරකථන ඇමතුම් අනෙකුත් දුරකථන විස්තර විශ්ලේෂණය කරමින් විමර්ශනය කරන බවට සඳහන් කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය වූ සැක සහිත පුද්ගලයන්ගේ අනන්‍යතාවය හා ක්‍රියා පටිපාටිය තහවුරු කිරීමට මැතිවරණ කොමසාරිස් කාර්යාලය, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, අගාමන විගමන දෙපාර්තමේන්තුව හරහා විස්තර ලබාගෙන විමර්ශන සිදු කරන බවත් මෙහිදි අධිකරණයට පවසා සිටියා.

මේ අනුව සැකසහිත දුරකථන අංක කිහිපයක්ම හඳුනා ගෙන ඇති බවත් ඒ පිළිබඳ වැඩිදුර විමර්ශනයේදි පුද්ගලයන් 10 දෙනෙකුගේ ප්‍රකාශ ලබා ලත් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දන්වා ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here