හිටපු ජනාධිපතිගේවත් හිටපු ආරක්ෂක ලේකම්ගේවත් එක මයිල් ගහකට අත තියන්න දෙන්නේ නෑ!

2

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හෝ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ජාත්‍යන්තර යුධ අධිකරණයට ගෙන යාමට යහපාලන රජය කිසිසේත්ම ඉඩ නොතබන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසා තිබෙනවා.

අද (02) හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

එහිදි අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“දැන් මිත්‍රවරුණි දේශද්‍රෝහී කියලා අපේ ආණ්ඩුවට ඇගිල්ල දික් කරන කොට ඒ අය කියනවා අපි රට සුරක්ෂා කරපු පුද්ගලයින්ව රකින්නේ නැහැ කියලා. රණවිරු දඩයම ක්‍රියාත්මක කිරීමට සැළසුම් කළේ ජාත්‍යන්තර ප්‍රජාවයි. ජාත්‍යන්තර ප්‍රජාවේ කවුරු අපේ රටට කිව්වොත් යුධ කාලයේ සිදු වුණ යම් යම් ක්‍රියාවලින් පිළිබදව හිටපු ජනාධිපතිතුමාව හිටපු ආරක්ෂක ලේකම්තුමාව අපිට අවශ්‍යයි ජාත්‍යන්තර යුධ අධිකරණ වලට ගෙනියන්න කියලා, මම ඔබතුමාලට පැහැදිළිව කියනවා හිටපු ජනාධිපතිතුමාගේවත් හිටපු ආරක්ෂක ලේකම්තුමාගේවත්, සෙන්පතිවරුන්ගේවත් සොල්දාදුවන්ගේවත් එක මයිල් ගහකට අත තියන්න මේ යහපාලන රජය ඉඩ දෙන්නේ නෑ කියලා. මොකද මොන දේශපාලන වාද භේද තිබුනත් අපිට අපේ කම වැදගත්.”

Sajith Premadasa

2 COMMENTS

  1. You are in reality a fantastic webmaster. The website loading pace

    is amazing. It seems that you’re doing any special trick.

    Furthermore, the contents are a work of art. you have done

    a great task on this subject!

  2. Whoa! This could be one of the most useful blogs we have ever came across about this subject.
    Magnificent. I’m also a specialist in this topic so I can understand
    your effort.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here