රාජපක්ෂලාගේ හොර අල්ලන්න හොරු ඉන්න හොර කමිටුවක්…….

0

රාජපක්ෂ පවුලට එරෙහිව ඇති නඩු පිළිබඳව සොයා බැලීම සඳහා අගමැති රනිල් වික‍්‍රමසිංහ, හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග, ඇමති චම්පික රණවක, ඇමති සරත් ෆොන්සේකා, ඇමති සාගල රත්නායක හා නීතිපතිවරයා සහ තවත් රජයේ නිලධාරින් කිහිප පෙළක් ඇතුලත් කමිටුවක් නිර්මාණය කර ඇති බව මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ නීතිඥ අජිත් ප්‍රසන්න පවසා සිටිනවා.

කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් නීතිඥවරයා මේ බව සඳහන් කර සිටියා.

“චම්පික ඇමතිවරයා ඊයේ ප්‍රවෘත්ති වලට කියනවා රාජපක්ෂවරුන් ආයේ බලයට පත් වෙන්න එයා ඉඩ දෙන්නේ නැහැලු. කවුද එයා? supervisory කමිටුවක් ඉන්නවා මේ FCID CID ඇතුළු ප්‍රධාන නඩු පරික්ෂා කරන්න. කවුද මේකේ ඉන්නේ, රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා කුමාරතුංග, සාගල රත්නායක, නීතිපතිවරයා ඉන්නවා, චම්පික ඉන්නවා, සරත් ෆොන්සේකා ඉන්නවා. සරත් ෆොන්සේකා මහබැංකු හොරු ආරක්ෂා කරන්න කියලා කෑගහන්නේ, ගෝඨාභය අත්තඩංගුවට ගන්න කියලා කෑගහන්නේ, මෙන්න මේ හොරු ටික supervisory කමිටුවේ ඉන්න ගමන් ඒකෙන්ම තමයි ගල් අගුරු හොරකම කරලා කෝටි ප්‍රකෝටි ගණනක් හොරකම් කළා කියලා පැහැදිළිව සාක්ෂි තියන චම්පික රණවක ගේ නම තිබියදි ඔහු චෝදනා කරනවා ගෝඨාභය රාජපක්ෂ අපරාධකාරයෙක් කියලා,” ඔහු සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here