2008 – 2014 කාලයේ බිලියන 4702 බැඳුම්කර නිකුත් වුණේ පුද්ගලික ක්‍රමයට…., ඒවා ගැනත් හොයන්න ඕන

0

2008 සිට 2014 දක්වා රුපියල් බිලියන 5147 ක බැඳුම්කර නිකුත් කර ඇති බවත් එයින් 90%ක් එනම් රුපියල් බිලියන 4702 ක බැදුම්කර නිකුත් කර ඇත්තේ සaජු පෞද්ගලික නිකුත් කිරීම යටතේ බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් පවසනවා.

බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගි වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.

ගරු අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශයක් කළා. පහුගිය කාලයේ මූල්‍ය වංචා කිහිපයක්ම සිදු වූ බව අපිට පෙනී යනවා. ඒ දවස්වල බැදුම්කර නිකුත් කර තියන ක්‍රමවේදය බලනකොට පුද්ගලික සaජු නිකුත් කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කරලා තියෙන්නේ. 2008 සිට 2014 වෙනකොට රුපියල් බිලියන 5147ක එයින් 90%ක් ම රුපියල් බිලියන 4702 ක බැදුම්කර ඉකුත් කරලා තියෙන්නේ පුද්ගලික නිකුත් කිරීමේ ක්‍රමය යටතේ. එහෙනම් මම අහන්න කැමැතියි අර හිටපු අධිපති නිවාඩ් කබ්රාල්ලාගේ සහෝදරයොත් වැඩ කළේ පර්පචුවල් ට්‍රෙෂරීස් එකේ. එහෙනම් කොහොමද ඒ බැදුම්කර ඉකුත් කරලා තිබුණේ. මොන විනිවිදභාවයක්ද තිබුණේ. අපි ඉල්ලන්නේ හරිනම් ඒ සියළුම දේවල් වලට කොමිසමක් පත් කරලා ඒවත් වහාම පරික්ෂා කර යුතුයි කියලා මොකද දැන් මේ රටේ මිනිස්සු ඉල්ලන්නේ අර කරපු වැරදි වලට දඩුවම දෙන්න ඕන කියලා. ඒක වහාම අපි ක්‍රියාත්මක කර යුතුයි.” අමාත්‍යවරයා පවසා සිටියා.

Kabir Hashim

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here