මක්කම ගමන අතරමග නතර කර අහසින් ඩොලර් වැස්සු ගුවන් අනතුර

0

(මාර්ටින් එයාර් ඩි.සි 8) ශ්‍රි ලංකාවේ මෙතෙක් සිදුවු බිහිසුණුම ගුවන් අනතුර සිදුවි අදට (04.12) වසර හතළිස් තුනක් සපිරිනවා. 1974.12.04 වන දින මක්කම බලා පියාසර කරමින් තිබු ඕලන්ද රාජ්යට අයත් මාර්ටින් එයාර් ඩි.සි 8 ගුවන් යානය ඉන්දුනීසියාවෙ සුරවෙයාර් ගුවන් තොටුපලින් වන්දනාකරුවන් එකසිය අසුදෙකක් හා කාර්‍යමණ්ඩලය නවදෙනෙකු රුගෙන පියාසර කරමින් තිබුණා.

මෙම ගුවන් යානය ආගරපතන, නෝර්වුඩි කාසල්රි ජලාශයට ඉහළින් පියාසර කරමින් තිබියෙදි එදින රාත්‍රී 10.10ට පමණ නෝර්ටන් බිජ් පොලිස් වසමට අයත් ටෙබර්ටන් වතුයායට ඉහළීන් පිහිටි ස්වප්තකන්‍ය කන්දේ හැපි එම ගුවන් යානයේ සිටි 191 දෙනෙක් ජිවතක්ෂයට පත්වි තිබෙනවා.

කදු පාමුල සිරුරු කිහිපයකුත් ස්වප්ත කන්‍ය කන්ද ඉහලේ තවත් සිරුරු කිහිපයකුත් වැටි තිබි සොයා ගෙන තිබෙනවා. පසුව ඉන් සිරුරු 190 ක් ස්වප්තකන්‍ය කන්ද පාමුල මිහිදන් කර ඇති අතර, එම ගුවන් යානයේ ගුවන් සේවිකාවකගේ සිරුර පමණක් ඇගේ පෙමිවතා ඉන්දුනිසියාවේ සිට හෙලිකොප්ටර් යානයකින් මෙරටට පැමිණ ඉන්දුනිසියාවට රුගෙන ගිය බවයි පැවසෙන්නේ.

එම ගුවන් යානයේ තිබු අමතර කොටස් කුඩා කැබලි වලට කැඩි වැටි තිබු බවත් එම ගුවන් යානයේ තිබි වැටි තිබු විශාල මුදල් තොගයක් ප්‍රදේශවාසින් විසින් අහුලා ගත් බවත් පැවසෙනවා.එම ගුවන් අනතුර දැක බලා ගැනිමට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට එවකට විශාල පිරිසක් පැමිණී බවයි පැවසසෙන්නේ.

මෙම අනතුරට පත් ඩි.සි 8 ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා වශයෙන් කටයුතු කර ඇත්තේ නෙදර්ලන්ත ජාතික හෙන්රික් ලැමිර් නැමැති (52) හැවිරිදි ගුවන් නියමුවායි. එම ගුවන් යානයේ ගමන් කළ කාර්‍ය මණ්ඩලයේ නවදෙනාගේ නම සදහන් සිහි වටනයක් නෝර්ටන්බිජ් පොලිසිය ඉදිරිපිට දැනට සිහි වටනයක් ලෙස තබා ඇති අතර අනතුරට පත් ගුවන් යානයේ ඉදිරිපස රෝදය අසල තැන්පත් කර තිබෙනවා.

මෙම ගුවන් අනතුරෙන් මියගිය අය මිහිදන් කර ඇති ස්ථානය අසල එම ගුවන් යානයේ ලාංජනය සවිකර තිබුණද කිසියමි පිරිසක් විසින් එම සිහිවටනය මේ වන විට ගලවා ගෙන ගොස් තිබෙනවා. මෙම ගුවන් අනතුර ගුවන් යානයේ සිදුවු තාක්ෂණ දෝෂයක් හේතුවෙන් අනතුරට පත් වු බව ඒ පිළිබදව පරික්ෂණ පැවැත්වු පරික්ෂණ කණ්ඩායමි විසින් වාර්තාවක් මගින් ඉදිරිපත් කර තිබෙනවා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here