රටට ජයග්‍රහණය ගේන්න ජානිපෙ ශ්‍රිලනීපේ එක්ක එක් වෙන්න ඕන!

0

ජාතික නිදහස් පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වුවහොත් රටට ජයග්‍රහණය අත්කරදීමට හැකියාව තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක පවසනවා.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ මතය ඊට වෙනස් බවත්, එක් එක් පුද්ගලයාගේ දේශපාලනය ස්ථාවරය අනුව විවිධ මත දැරීමේ අයිතිය තිබෙන බවත් ඔහු සඳහන් කළා.

ඒසම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ වීරකුමාර දිසානායක,

“පක්ෂයක් කියන්නෙ මිනිස්සුන්ගේ එකතුවක්.එම පක්ෂයක් ඇතුළෙ ප්‍රශ්න ඇතිවීම සාමාන්‍ය දෙයක්.දේශපාලන පක්ෂවලය හැම අවස්ථාවකදීම අභියෝග තිබෙනවා.එකතුවෙලා සිටියදී විවිධ මතවාද,ප්‍රශ්න ඇතිවෙනවා.අපේ පක්ෂය ඇතුළෙත් විවිධ මතවාදී අරගල විවිධ අවස්ථාවලදී පැනනගිනවා.ඒවා ඉතා බුද්ධිමත්ව සමනය කරගැනීම තමයි අපේ වගකීම විය යුත්තේ.අපේ පක්ෂයේ තීන්දු තීරණ ගන්නේ එකතුවෙලා තමයි.නමුත් විවිධ මත ඉදිරිපත්වන අවස්ථා තිබෙනවා.විවිධ මත දරන අය ඉන්නවා, මත තියෙන අය ඉන්නවා”

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here