සුදු වෑන් දැක්කෙත් නෑ ඇල්ලුවෙත් නෑ.., මන්ත්‍රිවරියන් කොල්ලෝ උස්සනවා විනාඩි 5න් ඇප ලැබෙනවා.., නීතීය නමන පොලිසියේ නිරුවත් හෙලිවෙලා ඉවරයි

6

පහුගිය රජය සමයේ පැවති මර්දනය පිළිබඳව කතා බහ කළද අද වන විට පවතින ආණ්ඩුව දැඩිලෙස නීතිය නමමින් ක්‍රියා කරන බව ආචාර්‍ය නාලක ගොඩහේවා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ හම්බන්තොට නගර ශාලාවේ පැවති ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයන් දැනුවත් කිරීමේ වැඩ සටහනකට සහභාගි වෙමිනි.

“ඒ කාලයේ මර්දනය ගැන කතා කළා. දැකපු සුදු වෑන් එකක් අල්ලපු සුදුවෑන් එකක් අද වෙනතුරු නෑ. මහදවාලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ පාරේ තරුණයින්ව අල්ලගෙන ගිහිල්ලා ගුටි බැට දෙනවා. විනාඩි කිහිපයක් තුල ඇප ලැබෙනවා. දඩුවම ලැබෙන්නේ අත් හිටවූ හිර දඩුවම්. නීතිය ඒ තරමට නමන්න පටන් අරන් තියනවා. ත්‍රස්තවාදීන් පොදු දේපල විනාශ කිරීම නිසා ඊට එරෙහිව තමයි පොදු දේපල පනත ගෙනාවේ. යමෙකු පොදු දේපල පනත යටතේ අත්තඩංගුවට ගත්තොත් ඔවුන් ඇප දෙන්න මහේස්ත්‍රාත් උසාවියට බලයක් නෑ. විශේෂ කරුණක් තිබුණොත් හැරෙන්නට. ඒක නිසා තමයි හැමෝවම පොදු දේපල පනත යටතේ අත්තඩංගුවට ගන්නේ. මේක බොරුවක් කියලා ඔප්පු වුණා පහුගිය දා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අත්තඩංගුවට ගන්න ගියාම. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අභියාචනාධිකරණයට ගියාම අභියාචනාධිකරණයෙන් කිව්වා මේ වගේ නඩුවකට පොදු දේපල පනත යටතේ නඩු දාන්න බෑ කියලා. පළවෙනි වතාවට පොලිසියේ නිරුවත් හෙලි වුණේ ඒ ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයට ගිය නිසා. ඔබට පේනවා නේද මොන තරම් අසාධාරණ විදියට රජයක් නීතිය නමනවද කියලා,” ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

6 COMMENTS

  1. When I initially commented I appear to have clicked on the

    -Notify me when new comments are added- checkbox and now whenever a comment

    is added I recieve 4 emails with the exact

    same comment. Is there a way you are able to remove me from

    that service? Many thanks!

  2. This is quite interesting, you’re a very experienced blogger.
    I’ve joined your rss feed and look ahead to reading more of your great post.
    Likewise, I have shared your website in my social networks!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here