මෛත්‍රි ගේනකොට අපි කිව්වා එක්සත් ජාතික පක්ෂයේ විනාශය ආරම්භ වෙනවා කියලා…., අද ඒක වෙලා

0

මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතික පෙරමුණෙන් මැතිවරණයට තරග කරනවානම් එය එක්සත් ජාතික පක්ෂයේ අවසානය බව තමන් කොන්ද කෙලින් තබා එළියට පැමිණ පැවසූ බවත් අද වන විට විට සනාථ වී තිබෙන බවත් එක්සත් ජාතික පක්‍ෂ ඌව පළාත් සභා මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසනවා.

ඊයේ (04) බදුල්ලේදි පැවති ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණු ජන රැළියේ පළාත් සභා මන්ත්‍රිවරයා ඒකාබද්ධ විපක්ෂයට එක් වූ අතර අනතුරුව ජන හමුව අමතමින් ඔහු මේ බව ප්‍රාකාශ කර සිටියා.

“දැන් හෙට ඉදලා ගහනවා කුට්ටියා පැන්නේ කොච්චර කුට්ටියක් අරගෙනද? ඕක තමයි දැන් ගහන්නේ. මතක තියා ගන්න එක්සත් ජාතික පක්ෂයට අපි එදාත් ආදරේ කළා. මෛත්‍රිපාල ඉරිසේන මැතිදුන් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස ගේන කොට කොන්ද කෙලින් තියාගෙන අපි එලියට බැහැලා කිව්වා එකසත් ජාතික පක්ෂය අපේක්ෂකයෙක් අද ඡන්ද ව්‍යාපාරයේ නෑ. ඒනිසා මෛත්‍රිපාල සිරිසේන මහත්ටයාට ඡන්දේ දෙන්න එපා එක්සත් ජාතික පක්ෂයේ විනාශයයි ආරම්භ වෙන්නේ කියලා. එදා අපි කිව්වා. අනතුරු ඇගවීම කළා මෙන්න අද ඒක සාක්ෂාත් වෙලා,” මන්ත්‍රිවරයා පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here