“2020 වන විට සියළු දෙනා රජවීම කෙසේ වෙතත් “රන් ගොජ්ජු” වෙනවා….

0

අත්තනෝමතික ලෙස දේශපාලනය තෝරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩීමට කටයුතු කළහොත් නියත වශයෙන්ම 2020 ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරන බවත් එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් එම පාපකර්මයට මේ මොහොතේ ශ්‍රීලනිප ය බෙදීමට උත්සාහකරන සියළු දෙනා වගකිව යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක සඳහන් කරයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා සදහන් කර ඇත්තේ අධිරාජ්‍ය විරෝධී බලවේගවල දේශාපලන උපායමාර්ගය විය යුතුව ඇත්තේ රනිල් වික්‍රමසිංහ පරාජය කොට අධිරාජ්‍යවාදී න්‍යායපත්‍රය පරාජය කරන තැනට බලවේග එකතු කර, එය කරන්නේ කෙසේද යන්න ජනතාව වෙත ගෙනයාම මිස වෙනත් කරුණක් නොවන බවයි.

සැබෑ ජනතාවාදී නායකයින්ට ජනතාවගේ ජයග්‍රහණය වෙනුවෙන් කළ නොහැක්කක් තිබිය නොහැකි බවත් ඒ වෙනුවෙන් යන්නට බැරි තැනක්, නමන්න බැරි හිසක්ද නොතිබිය යුතු බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා සදහන් කර ඇත්තේ එසේ නොකර අද දවසේ වැරදි දේශපාලන තීන්දු ගතහොත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියළුදෙනාට සිදුවන්නේ “2020 වසර වන විට සියළු දෙනා රජවීම කෙසේ වෙතත් “රන් ගොජ්ජු” ව සිටින්නට බවද මන්ත්‍රීවරයා නිකුත් කල නිවේදනයේ සඳහන්ව ඇත. Weerakumara Dissanayake

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here