අපිට ගැහුවොත් අපිත් ගහනවා…, අතීත අවතාර වලට මාධ්‍ය හරහා හොල්මන් කරන්න දෙන්න බෑ

1

ඇතම් පෞද්ගලික මාධ්‍ය නාලිකා වලට සාපේක්ෂව රජයේ මාධ්‍යයින්හි පුවත් සාධාරණ බවත් පෞද්ගලික මාධ්‍ය වල අවශ්‍යතාවය වී ඇත්තේ අතීත පාරාජිත අවතාර නැවත බලයට ගෙන ඒම පමණක් බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

ඊයේ (05) නාරහේන්පිට ජනමාධ්‍ය විද්‍යාලයේ පැවති උත්සවයකකට සහභාගි වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ වර්තමාන තාක්ෂණය සමග වෙබ් අඩවි තහනම් කිරීම ප්‍රායෝගික නොවන බවයි.

එහිදි අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මාධ්‍ය හා දේශපාලනය අතර සටනේදි අපි දකිනවා වරින් වර යුගයෙන් යුගයට මේ පාර්ශව දෙකෙන් එක පාර්ශවයක් වඩාත් ශක්තිමත් වෙනවා. අපි දැක්කා 2005 – 2015 කාලයේදි දේශපාලකයා එහෙම නැත්නම් රජය කොයි තරම් ශක්තිමත් වුණාද ඒ ශක්තියෙන් අපේ ජනමාධ්‍යවේදින් කිහිප දෙනෙක් අපිට අහිමි වුණාද අතුරුදහන් වුණාද ඒ නිසාම ඒ ජනමාධ්‍යයන් රජයේ කීකරු ගෝල බාලයන් සේ කටයුතු කරපු තත්ත්වයක් තිබුණා. නමුත් ඒ තත්ත්වය සමතුලිත කරන්න අපිට පුළුවන් වුණා මේ පහුගිය අවුරුදු දෙකාමාරෙදි. අඩුපාඩු ගොඩක් තියනවා.”

“ඊයේ පැවති ජනමාධ්‍යවේදින් ගැන කතා කරපු උත්සවයේදි අපේ ජනමාධ්‍ය මහත්වරු හිටියේ නෑ. නමුත් මේ කතෘ මහත්වරු ටිකම ජනමාධ්‍ය මර්දනය කරන්න කටයුතු කරපු ඒ සඳහා වගකිව යුතු පිරිස බලයට ගේන්න නම් දිවා රෑ නැතිව වැඩ. ඔන්න ඕකයි ඇත්ත කතාන්දරය. අතීතයේ මේ රටේ ජනමාධ්‍ය භීෂණයක් ඇති කරන්න කටයුතු කරපු අවතාර මේ යම් යම් පුවත්පත් වල අනුග්‍රහයෙන්ම දැන් හොල්මන් කරනවා. පුද්ගලික මාධ්‍ය වලට ඇගිල්ල දික් කරන්න ඉස්සල්ලා රජයේ මාධ්‍ය හදා ගන්න කියනවා, ඇත්තෙන්ම මම නම් හිතන්නේ අද නම් 100%ක් සාධාරණ නොවුනත් රජයේ ජනමාධ්‍ය පෞද්ගලික මාධ්‍ය වලට සාපේක්ෂව පුවත් පත් වලට ප්‍රවෘත්ති පවා ලබා දෙනවා. හැබැයි මාම් ආවට පස්සේ පොඩි දෙයක් තියනවා. ඒකට ඇත්ත කියන්න ඕන. ගැහුවොත් හැබැයි ගහන්න කියලා තියෙන්නේ. අපිටත් මොනවා හරි කරන්න අයිතියක් තියනවා නේ.”

“මට මතකයි ඒ කාලයේ SLBC එකේ හිටියා එක මහත්තයෙක් ඒක මහා කුණුහරුප ජාලාවක්. මගේ නම් හැගීම අද වර්තමාන ලෝකයේ වර්තමාන තාක්ෂණය තුළ කිසිම වෙබ් අඩවියක් තහනම් කරන්න බෑ. ලංකා ඊ නිවුස් එකේ ආටිකල් මම තාමත් වෙනත් සයිට්ස් හරහා කියවනවා. මම විතරක් නෙමෙයි. වාරණය කියන එක 21 වෙනි ශතවර්ෂයට අදාළ කාරණාවක් නෙමෙයි.”

Mangala Samaraweera

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here