මැතිවරණයට දිනේෂ් ස්වාධීනව එන ලකුණු….!

0

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ආරුමුගම් තොණ්ඩමන්ගේ ලංකා කම්කරු කොංග්‍රසය සහ ඒ.එල්.එම් අතාවුල්ලාගේ ජාතික කොංග්‍රසය ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමග තරග කිරීමට තීරණය කොට තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව ඊයේ (05) ජනාධිපති ලේකම් කාර්යාලයේ දි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුව් සාකච්ඡා කළ අතර එහිදි මෙම තීරණයට එළඹි ඇති බවයි වාර්තා වන්නේ.

එසේම ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හෝ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ඒ ඒ ස්ථාන සඳහා සුදුසු පරිදි තරග කිරීමට එහිදි තීරණය කරගත් බව අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය විජයමුණි සොයිසා ප්‍රකාශ කළා.

එසේම මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් සහභාගි වූ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා එහිදි අවශ්‍ය ස්ථාන වලදි මහජන එක්සත් පෙරමුණට වෙන්ව තරග කිරීමට හෝ ස්වාධීන වීමට අවස්ථාව අබා දෙන ලෙස මෙහිදි ඉල්ලා ඇති අතර ඒ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාව එකඟ වු බවත් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර සඳහන් කළා.

Dinesh Gunawardena

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here