නව ව්‍යවස්ථාව ජනමත විචාරණයට ආවොත් දිනුවත් අපි පරාදයි, පැරදුනත් අපි පරාදයි!

0

එක් ප්‍රදේශයට පමණක් බලය බෙදා දීමෙන් මුළු රටේම දෙමළ ජනතාවගේ ගැටළු විසදීමට නොහැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසා සිටිනවා.

ඊයේ (05) ගාල්ල ප්‍රදේශයේ පැවති එළිය සංවිධානයේ රැස්වීමක් අමතමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව පවසා සිටියා.

“බලය බෙන්දීමක් ගැන කතා කරන්නේ මේ රටේ වෙනත් රාජ්‍යයක් ඇති කරන්න. 68% කට වඩා වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන්නේ අනික් ප්‍රදේශවල මේ ප්‍රදේශයට පමණක් බලය බෙදීමක් තුළින් අපි කොහොමද එහෙමනම් ඒ සියළුම දමිල ජනතාවගේ ප්‍රශ්නෙට විසදුමක් හොයන්නේ. එළිය සංවිධානය ජාතිවාදි සංවිධානයක් විදියට හංවඩු ගහන්න හදනවා. අපි බලාපොරොත්තු වෙන්නේ සෑම ජන කොටසකම ගෞරවනීය ලෙස ජීවත් විය හැකි රටක් ඇති කිරීමටයි. අපේ සටන රට බෙදනවාට විරුද්ධවයි. අපිට අවශ්‍ය නම් පාර්ලිමේන්තුව තුළම මේ ව්‍යවස්ථාව ගෙන ඒම නවත්වන්නට පුළුවන්. අපි මේක ජනමත විචාරණයකට එන්නට අවස්ථාව සැළසුවොත් එය පැරදුණත් අපි පරාදයි. දිනුවත් අපි පරාදයි. බහුතරයක් එක ව්‍යවස්ථාවකට ඡන්දය දුන්නොත් ඒ ඔවුනට ඇති ජාත්‍යන්තරය පෙන්නන්න මේ ජන කොටස් වලට වෙනම රජයක් අවශ්‍යයි කියන කාරණය,”ඔහු සඳහන් කර සිටියා.

Gotabhaya Rajapaksa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here