නිදහස් පක්ෂයට දිනන්න මහින්ද ඕන නෑ….!

0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහය නොමැතිව ඉදිරි මැතිවරණයේදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට පහසුවෙන් ජයග්‍රහණය කිරීමට හැකියාව ඇති බව අමාත්‍ය මහින්ද සමරසිංහ පවසා සිටිනවා.

ඊයේ (05) ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දි මාධ්‍ය සාකච්ඡාවේදි මාධ්‍යවේදීයෙකු නැගු ප්‍රශ්නකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

එසේම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා යටතේ මෙහෙයවු පසුගිය මහ මැතිවරණයේදී නිදහස් පක්ෂය යම් පසුබෑමකට ලක් වූ බව අමාත්‍යවරයා මෙහිදි සඳහන් කර සිටියා.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ශවය පක්ෂයට පැමිණ පක්ෂය ශක්තිමත් කළ යුතු බව සඳහන් කළ අමාත්‍යවරයා නිදහස් පක්ෂයේ නීතිරීති උල්ලංඝනය කරමින් වෙනත් පක්ෂයකට අනුබල දෙන සාමාජිකයන්ට එරෙහිව පක්ෂ ව්‍යවස්ථාවට අනුකූලව නීතිය ක්‍රියාත්මක කළ හැකි බවද සඳහන් කර සිටියා.

Mahinda Samarasinghe

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here