බැරිම වුනොත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හරිනවා….!

0

2018 වසරේදිකවුරුන් විරුද්ධ වූවත් අනිවාර්යයෙන්ම ක්‍රිකට් පාලන මණ්ඩලය පවතින අත්තනෝමතික බව නැති කිරීමට කටයුතු කරන බවත් එසේ කිරීමට අපොහොසත් වුවහොත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරීමට කටයුතු කරන බවත් ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

අද (06) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කර සිටියා.

“ක්‍රීඩා අමාත්‍යවරයා විදියට මම සූදානම් නැහැ කිසිම අවස්ථාවක ඉතාම අමාරු තත්ත්වයයක් හැර අතුරු පාලක මණ්ඩල කිසිම ක්‍රිඩාවකට පත් කරන්න. මේකට අර්ජුන රණතුංග මහත්තයාත් ඉල්ලුවා. තිලංග සුමතිපාල මහත්තයාත් ඉල්ලුවා. තිලංග සුමතිපාල මහත්තයා දිණුවා. එතන් සිට සැම වැටීමකදීම අර්ජුන රණතුංග මහත්තයා මොනවා හරි මාධ්‍යයට කියන්න පටන් ගත්තා. ෆේස් බුක් එකේ දිගටම මේක අරගෙන යනවා. මහේලයි සංගයි එක්ක කතා කළාම එයාලා කියන්නේ මේ රටේ දේශිය ක්‍රිකට් හදන්න ඕන කියලා. සමහර ක්‍රීඩකයෝ ටෙස්ට් ගහලා නෑ ජාත්‍යන්තර පිට්ටනි වල. ඒ ගොල්ලෝ ඒක අපිට කෙලින්ම ඇවිල්ලා කිව්වා. දැන් අපි බලන්නේ හැම පළාතකින්ම 60 දෙනෙක් තෝර ගන්න, අතනින් තෝර ගන්න ළමයි ටික හැම පළාතකම 20 25 කණ්ඩායමක් හදන්න. එතකොට හැම පළාතකටම අපිට 20 20 ගානේ හිටියාම අපිට 80ක් විතර වගේ තමයි බලන්න වෙන්නේ. පැහැදිලිව මේ ක්‍රිඩා සමාජ වලට නතු වෙලා ඉන්නේ හැම දෙනාම. මේ ක්‍රිඩා සමාජ වල ඡන්දය ලබා ගන්න නතු වෙලා ඉන්නවා මේ හැම නායකයෙක්ම. ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් මම කියන්නේ ඒ ඡන්ද වලින් කරන්න තියන දේ නෙමෙයි ඓට දැන් කරන්න තියෙන්නේ.”

“ලබන අවුරුද්දේ අපි අනිවාර්යෙන්ම TA එකයි TBඑකයි එකතු කරලා ගහනවා. මොන කවුරු විරුද්ධ වුනත් අපිට ඒකට කරන්න දෙයක් නෑ. ඊලගට මම අත ගහන්න හදන්නේ මේ ක්‍රිකට් එකේ තියන ඡන්ද ක්‍රමය අපි අඩු කරනවා ඡන්ද අපිට කොහොමත් ඔය 75කට විතර අදු කරන්න පුළුවන් වෙයි ඔය 145 විතර තියන එක. ඒකට අත ගහලා මම කරනවා. ඒ ගැන කලබල වෙන්න එපා. ඒකට කවුරු විරුද්ධ වුනත් මම කරනවා. සභාපති හිටියත් මට ඒක කරන්න බැරි වුනොත් මම අනිවාර්යයෙන්ම ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හරිනවා. වෙන කරන්න දෙයක් නෑ.”අමාත්‍යවරයා පවසා සිටියා.

Dayasiri Jayasekara

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here