සීමා නීර්ණය කළේ බෙදුම්වාදින්ගේ උවමනාවට…!

0

මැතිවරණ කොට්ඨාස සඳහා සීමා නීර්ණය කිරීම සිදු කරනු ලැබුවේ වර්තමාන රජයට බලයට ඒමට උපකාට ලබා දුන් බලවේගයන්ගේ අවශ්‍යතාවයන් මත බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පවසනවා.

පැවිදි හඩ සංවිධානය මගින් සංවිධානය කර තිබු මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියා.

“පළාත් පාලන මැතිවරණය දැන් ඇද්දා දිගට මේ සීමා නීර්ණය කියලා එකක් අටවගෙන. මේ සීමා නීර්ණය කළේ කාගේ උවමනාවටද මේක කළේ මේ ආණ්ඩුව පිහිටුවීමට පිටු පස්සෙන් ඉදන් උදවි කළ බෙදුමවාදින්ගේ උවමනාවට. පසුගිය 12 වෙනිදා ෆයිසර් මුස්තාපා ඇමතිවරයා, ඒ වගකීම දරන ඇමතිවරයා ප්‍රංශෙට ගිහිල්ලා ප්‍රංශයේ ඉන්න රටින් පිට ඊලාම් රාජ්‍යයේ නියෝජිතයෙක්  වන බාලචන්ද්‍රන් නාගලිංගම් සමග සාකච්ඡාවක් කරලා ඒ පින්තූරත් අරන් තියනවා. අපි ලඟ ඒවා තියනවා අපි වෙලාවට එළියට දාන්නම් ඒවා. මොකද්ද ඒ ගිහිල්ලා කිව්වේ ඔන්න ඔබලා කිව්ව දේ මම කළා,” නාලක හිමියන් වැඩිදුරටත් සඳහන් කර සිටියා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here