මට වෙච්ච දේ කාටවත් වෙන්න දෙන්නේ නෑ!

0

තමා සෞඛ්‍ය ඇමතිව සිටි අවුරුදු 5 කාලය තුළ ඇති වූ මානසික පීඩනය, වේදනාව, තමන් යටතේ සිටින කිසිදු සෞඛ්‍ය අමාත්‍යවරයෙකුට විදීමට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

අද (06) රුපියල් මිලියන 12,000 ක වියදමින් පොළොන්නරුවේ ඉදිකෙරෙන ජාතික වකුගඩු රෝහල සඳහා මුල් ගල් තැබීමේ උත්සවයට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

“සෞඛ්‍ය ඇමතිවරයා ලෙස අවුරුදු 5ක තිබූ අත්දැකීම් පදනම් කරගෙන මා දුටු සෞඛ්‍ය සේවයේ ප්‍රශ්න, අඩුපාඩු, ගැටළු, සම්පත් හිඟය ඒ කාලය තුළ අවශ්‍ය විදියට වෙනස් කරගන්න මට ඉඩ කඩක් ලැබුණේ නෑ. මම සෞඛ්‍ය ඇමතිවරයෙක් ලෙසට බොහෝ සිත් වේදනවන් එක්ක තමයි වැඩ කළේ. අමාත්‍යාංශයේ ලේකම්වරයා මාත් එක්ක වැඩ කරන කෙනෙක් නෙමෙයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එදා මාත් එක්ක වැඩ කරන කෙනෙක් නෙමෙයි හිටියේ. ඔවුන් ඒ තනතුරු වල හිටියත් මම කියන දේවල් නෙමෙයි වෙනත් අය කියන විදියට තමයි එදා සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩ කළේ. ඒ ඇතිවෙච්ච දැඩි වේදනාව. ඒ ඇති වෙච්ච පීඩාව ඒ ඇති වෙච්ච අභියෝග හා ගැටළු එක්ක මම ජනාධිපතිධූරයට පත් වුණාට පස්සේ රටේ ජනතාව වෙනුවෙන් මම ගත්ත තීන්දුව තමයි මම සෞඛ්‍ය ඇමතිවරයා විදියට විදපු ඒ වේදනාව, ඒ අභියෝග මේ රටේ කිසිදු සෞඛ්‍ය ඇමතිවරයෙකුට මගේ ආණ්ඩුව තුළ මගේ සෞඛ්‍ය අමාත්‍යවරයාට, රටේ සෞඛ්‍ය අමාත්‍යවරයාට සිය නිදහසේ වැඩ කරන්න තීන්දු ගන්න අවශ්‍ය සියළු බලතල දීලා අවශ්‍ය සම්පත් දීලා මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරන්න මම කටයුතු කරලා තියනවා,”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here