දෙමළ ජනතාවගේ යහපත් අනාගතය වෙනුවෙන් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ බිහිවෙයි

0

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ හා EPRLF පක්ෂ දෙක එකතුව ද්‍රවිධ ජාතික සන්ධානයට එරෙහිව නව සන්ධානයක් ඊයේ (06) පිහිටුවනු ලැබූවා.

ඒ අනුව එම පක්ෂ දෙක ද්‍රවිඩ එක්සත් විමුක්ති සන්ධානය ලෙස ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතය.

ඒ පිළිබඳව අදහස් දැක්වූ EPRLF නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්,

“දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හා අපේ EPRLF පක්ෂයත් සමග තවත් සුළු පක්ෂ කිහිපයක් ඉදිරි පළාත් පාලන ඡන්දයට තරග කිරීමව වෙනුවෙන් මෙම අවබෝධතා ගිවිසුමට එක්ව සිටිනවා. ඊට අමතරව පුනුරුත්තාපන වූ එල්ටීටීඊ සාමාජිකයින්ද මෙම පක්ෂ වලට එකතු කරගෙන තිබෙනවා. දෙමළ ජනතාවගේ යහපත් අනාගතය වෙනුවෙන්ද අයිතීන් ජයග්‍රහණය කිරීම සඳහාත් අපි පෙනි සිටින්න බලාපොරොත්තු වෙනවා.”

මීට අමතරව ද්‍රවිඩ සන්ධානයේ ආරම්භක පක්ෂයක් වන ටෙලෝ සංවිධානයද ද්‍රවිධ සන්ධානයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. එම සංවිධානයේ දේශපාලන මණ්ඩලය තීරණය කර ඇත්තේ තවදුරටත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සමග එක්ව කටයුතු කිරීමට නොහැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here