මහින්ද මහත්තයාවත් කාලා……දැන් මෛත්‍රිවත් කනවා…….

0

පසුගිය රජයේ සමයේ වැරදි උපදේශ ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා විනාශ කළ උදවිය අද වැරදි උපදේශ ලබා දෙමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවත් විනාශ කිරීමටඋ ත්සහ කරමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (06) පාර්ලිමේන්තුවේදි පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ වැයශීර්ෂය විවාදයක එක් වෙමිනි.

“අහගෙන ඉන්නකෝ ඇඅම්තිතුමා කියන දේ. එතුමාත් ගිය ආණ්ඩුවේ ඇමති කෙනෙක්. ඔය ලණු දීලා තමයි මහින්ද මහත්තයාවත් කෑවේ. අද මෛත්‍රිවත් කන්නේ ඔය අය. ඒ හින්දා අහගන්න කියන දේ,”මන්ත්‍රිවරයා සඳහන් කර සිටියා.

එම විවාදයටම එක්වූ එක්සත් ජාතික පක්ෂ මන්ති චමින්ද විජේසිරි, “ගින්න නම් පත්තු වුණා. ගරු ඇමතිතුමා ඔබතුමාට නමකුත් පට බැදුණා බාලගිරි කියලා. දැන් ඉදිරියට ඇමතිතුමණි අපේ ප්‍රදේශවල අම්මලා තාත්තලා අඟුරු කෑල්ලකින් ලියන එකක් නැහැ දොරේ. සමහර විටඔ ඔබතුමාගේ ෆොටෝ එක අලෙව්වාම දොරේ තේරෙයි මේ අද නෙමෙයි හෙටයි කියන එක.”

රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා, “ෆයිසර් ඇමතිතුමාට දැන් බාලගිරි කියන කෑල්ලත් වැටිලා තියෙන්නේ. B. ෆයිසර් මුස්තාෆා. අපි කියන්නේ බාලගිරි කියන එක. ඔබතුමා හරියටම තීන්දුවක් අරගෙන කිව්වොත් මැතිවරණ කොමසාරිස්ට හරියට මේ දිනයේ තමයි අපි මැතිවරණය පවත්වන්නේ කියලා. බොහෝම හොදයි ඒ විෂයටක් කිසිසේත්ම අදාළ නැති ඇමතිවරයෙක් මේකට දින ඉයන කොට තමයි අපිට හිතෙන්නේ ආපහු මේ පළාත් පාලන මැතිවරණයට බාලගිරි එයිද කියන එක.”

ප්‍රියංකර ජයරත්න මන්ත්‍රීවරයා, “ඇමතිතුමණි ඔබතුමාගේ අමාත්‍යාංශයේ දැන් සුවිශේෂ අමාත්‍යංශයක් බවට පත් වෙලා තියනවා. මොකද අසමත් අමාත්‍යාංශයක් නිසා.”

අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, “මගේ අමාත්‍යාංශය අසමත් අමාත්‍යාංශයයක් කියන ඔබතුමාත් කාලයක් මගේ අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යධූරය දැරුවා. ඒනිසා මෙතුමත් සමත් හෝ අසමත් කියන පරිච්ඡේදයේ පංගුකාරයෙක් වෙනවා. ”

ප්‍රියංකර ජයරත්න මන්ත්‍රීවරයා, “අමාත්‍යාංශයේ තීන්දු තීරණ ගත්තේ ඔබතුමා. ඒ නිසා තමයි ඒ අමාත්‍යාංශය මම දාලා ආවේ. නැත්නම් අපිට එකතු වෙලා වැඩක් කරන්න. ඔබතුමා පසුගිය කාල සීමාව තුළ ඕක තමයි කළේ නැගිටිලා කෑ ගහපු එක විතරයි. ඔබතුමා කරපු දෙයක් නෑ. මම කණගාටු වෙනවා ඔබතුමා ගැන. එහෙම නැත්නම් අපි දාලා යන්නේ නෑනේ අමාත්‍යාංශය.”

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here