ආණ්ඩුව සත පහකට විශ්වාස නෑ… කඩේ යන එකාටත් කනට ගහලා එළවයි

0

වර්තමාන යහපාලන ආණ්ඩුව කිසිසේත්ම විශ්වාස කළ නොහැකි බවත් කඩේ යන නිලධාරින්ට වුව කනට ගස එළවා දැමිය හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පවසනවා.

පොලොන්නරුවේ පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රිවරයා මේ බව පවසා සිටියා.

“ආණ්ඩුව සම්පූර්ණයෙන්ම පොලිසිය පාවිච්චි කරන්නේ දේශපාලන දඩයම් කරන්න. පොලිස්පතිගෙත් ඇස් ඇරුනොත් හොඳයි. කොච්චර කඩේ ගියත් කන වෙලාවට කන්න වෙනවා. ඔය ආණ්ඩුව විශ්වාස කරන්න පුළුවන් ආණ්ඩුවක් නෙමෙයි. ඇහුම්කන් නොදෙන ආණ්ඩුව ඔය කඩේ යන නිලධාරින්ටත් ගහලා පන්නන්න තමයි ඔය උත්සහ කරන්නේ. දැන් බලන්න ඔය බැදුම්කර වංචාවට සම්බන්ධ රවී කරුණානායක මහත්තයා එලෙව්වා. කමක් නෑ කියමු බැදුම්කරේ පස්සේ හිටියානේ. හම්බන්තොට වරාය විකුණන එක වැරදියි කියලා කිව්වා අර්ජුන රණතුංග මහත්තයා. මොකද්ද වුණේ ඇමතිකමෙන් එළියට. ඊට පස්සේ ඇමතිකමෙන් එලියට දාපු එක වැරදියි අර්ජුන ඇත්ත කතා කලා කියලා කිව්වා විජේදාස රාජපක්ෂ මොකද වුණේ? බඩු එළියේ. ඊට පස්සේ විශාල මාධ්‍ය සාකච්ඡාවක් තියලා ඉතිහාසයේ පළවෙනි වතාවට දමිල නාවික හමුදාපතිවරයෙක් ගේනවා අපි, හැබැයි මාසයයි එයත් ඉන්නේ. දැන් කොහොමද? ඕක තමයි යහපාලනය. මේ ආණ්ඩුවට වැඩ පිළිවෙළක් නැහැ. ඉතිහාසයේ පළවෙනි වතාවට අවුරුදු තුනයි විදේශ ඇමතිලා තුන්දෙනයි. මරු විදේශ ප්‍රතිපත්තිය. එක්කෙනෙක් කියනවා අපි නොබැදි ජාතින්ගේ ප්‍රතිපත්තිය අනුගමනය කරනවා කියලා එයා අයින් කරලා ගේන එකා කියනවා. පිස්සුද ඒවා කොහේද අපි එක්ක කියලා…,” මන්ත්‍රිවරයා පවසා සිටියා.

Namal Rajapaksa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here