එජාපය ගමට පත් වුනොත් සහතිකයි සමෘද්ධි බැංකුව හරි කොල්ල කනවා……

0

එක්සත් ජාතික පක්ෂය අද සිදු වි ඇත්තේ ගලේ පැහැරු බළලාට සිදු වූ දේ බවත් ගමේ බලයත් එම පක්ෂයට ලබා දුන්හොත් අනිවාර්යයෙනම සමෘද්ධි බැංකුව හෝ කොල්ල කෑමේ හැකියාවක් පවතින බවත් ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක පවසා සිටිනවා.

කෑගල්ල පොල්පිතිගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගි වෙමින් මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළා.

“මහ බැංකුවේ තිබ්බ ධනය හොරා කන්න ඕන පරිසරය රනිල් වික්‍රමසිංහ මහත්තයා හදලා දුන්නා. ඒන් නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ බෙල්ලටම හිර වුනාට පස්සේ තමයි කොමිසම හමුවට ගියේ. කෝටි 502 ක ගණුදෙණුවට මොකද වුණේ? මේ ගණුදෙණුව සිද්ධ වෙච්ච වෙලාවේ පාඩුව කෝටි 168යි. ආණ්ඩුව හදකොට ජනතාවට විශාල බලාපොරොත්තුවක් දුන්නා වංචනිකයන්ට දඩුවම් දෙන්න කියලා. අමාත්‍යාංශ ලේකම්ලා ලග රටේ ඉහළ නිලධාරින් ලග තමයි මේ තොරතුරු තිබුණේ. මේක දැන ගත්තට පස්සේ පෝලිමේ ආවා අපේ ඔෆිස් එකට. ඇවිල්ලා ෆයිල් පිටින් බාර දුන්නා. නීතිඥ කණ්ඩායම් හදලා ෆයිල් ටික බලලා, අල්ලස් එකට, FCID එකට, CIDඑකට බාර දුන්නා. මෙන්න හොරකම් මෙන්න හොරු කියලා. රටම හොරු අල්ලන්න කියලා කිව්වා. ඒනිසා එක්සත් ජාතික පක්ෂයට කියන්න දෙයක් නෑ. කියන්න දෙයක් නෑ විතරක් නෙමෙයි අද ගලේ පහරපු බලල්ලු වගේ තත්ත්වයට පත් වෙලා තියනවා. එනීසා ගම බාර ගත්තොත් ඒ කණ්ඩායම අනිවාර්යෙන්ම සමෘද්ධි බැංකුවට හරි වැඩේ දෙනවා සහතිකයි,”මන්ත්‍රිවරයා වැඩිදුරටත් පවසා සිටියා.

Anura Kumara Dissanayaka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here