පිනට පාර්ලිමේන්තු ආව උන් පොර ටෝක් දෙනවා….!

0

පිනට පාර්ලිමේන්තුවට ආ සමහර ඇමතිවරුන් අද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සෑබෑ සාමාජිකයන් සෙවීමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන පවසා සිටිනවා.

මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ ඊයේ (06) හිටපු ජනාධිපතිවරයාගේ නිවසේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ හමුවීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“එක්කහු වීම් ගැන කතා කරන්නේ කොහොමද මහින්ද සමරසිංහ අමාත්‍යවරයා මම දැක්කා කියනවා හරියට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ එස්. ඩ්බ්.ආර්.ඩී බණ්ඩාරනායක මහත්තයාගේ මල්ලි වගේ, දැන් කියනවා, ඇත්ත ශ්‍රි ලංකාකාරයෝ අපි අර මහින්ද සමරසිංහලා වගේ එහාට මෙහාට පනින අර පනින ගෙම්බෝ වගේ අය වගේ නෙමෙයි කොන්ද කෙලින් තියාගෙන පක්ෂ වල හිටපු මිනිස්සු. ප්‍රතිපත්තිගරුක මිනිස්සු. අපිව අස් කරනවාලු. ඉතින් අපි බලාගෙන ඉන්නවා මේ අස් කරනකම් නොමිලේ ආපු මන්ත්‍රිවරු..,”මන්ත්‍රිවරයා මෙහිදි සඳහන් කර සිටියා.

මේ අතර සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ මන්ත්‍රිවරු පවසා සිටියේ ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩු විරෝධි, යූ එන් පී විරෝධී බලවේගයක් නිර්මාණය කරන බැවින් ආණ්ඩුවෙන් ඉවත් වී පැමිණෙන තුරු ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමග කිසිදු සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම් නොමැති බවයි.

Rohitha Abeygunawardena

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here