අපේ විදියට එනවා නම් UNP වුනත් කමක් නැහැ

0

තම ප්‍රතිපත්ති වලට එකග වන්නේ නම් එක්සත් ජාතික පක්ෂය සමඟ වූවද එක්ව ආණ්ඩුවක් ගොඩනැගීමට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

ඊයේ (07) කොළඹ දි පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“අග්‍රාමාත්‍යතුමා හෙට පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කරනවා. හිස් ප්‍රකාශ වැඩිම ගණනාවක් කරපු අග්‍රාමාත්‍යවරයා හැටියට වර්තමාන අග්‍රමාත්‍යතුමා ඉතිහාසයට එක් වෙනවා. මේ විශේෂ ප්‍රකාශවලින් මේ රටට කිසිම වැඩක් වෙලා නෑ. ජනතාව නොමග යැවීම විතරයි කරලා තියෙන්නේ. හෙට කරන ප්‍රකාශය සහල් මිල වැඩිවීම ගැන. පොල් මිල වැඩවීම ගැන. මේ රටේ කෘෂිකර්මාන්තය නියඟය නිසා කඩා වැටුණා කියලා එතුමා කියන්නේ. සහල් කිලෝ එකක් රුපියල් 120යි. පොල් ගෙඩියක් රුපියල් 140යි. සතොසේ දෙනවා පුවක් ගෙඩියක් වගේ පොල් ගෙඩියක් රුපියල් 65ට. මේ වගේ තත්ත්වයකට අපේ රට පත් කරලා ආණ්ඩුව මොනවද පාර්ලිමේන්තුවට කරන ප්‍රකාශ. දැන් වරාය විකුණනවා හෙට. දැන් රැකියා ඇති වීම නෙවෙයි රැකියා නැතිවීම තමයි මේ ආණ්ඩුවෙන් සිද්ධ වුණේ. හිඟ ශේෂ පත්‍රය තියෙන රජය කරුණාකරලා ඉවත් වෙලා යන්න කියන එක තමයි අපි කියන්න තියෙන්නේ.”

මෙහිදි මාධ්‍යවේදීන් විමසා සිටි ප්‍රශ්න වලට අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා.

ප්‍රශ්නය – විජිත් විජයමුණි සොයිසා මහත්තයා කියනවා අරෙහේ එවුන් අපිට හොඳ කොන්දේසියක් දැම්මා උඹලා අයින් වෙලා වරෙල්ලා කියලා. දුන්නොත් හොඳට හිටී. මං උදාහරණයක් කියන්නම් ලක්ෂ්මන් යාපා මාතරින් ඉවත් වෙනකොට මහින්ද යාපා ගිවිසුමක් ගහලා තියෙනවා ඇතුළට යන්න?

“එතුමා තේරුම් අරන් නැහැ එතුමාට වැඩිය ප්‍රතිපත්තිගරුකව මම මගේ දේශපාලන කටයුතුවල යෙදිලා ඉන්නවා කියලා.”

ප්‍රශ්නය – ප්‍රබල ඒකාබද්ධ විපක්ෂය එහෙන් මෙහෙන් හෙල්ලෙනවා දෙදරන ගතියක් තියෙනවා? විමල් වීරවංශ මහත්තයා ඔබලාගේ ප්‍රබලයෙක් රනිල් මහත්තයත් එක්ක මොනවද ඩීල් එකක් යනවා කියලා?

“ඒවා දේශපාලන ප්‍රචාර.”

ප්‍රශ්නය  -ඊයේ දයාසිරි ජයසේකර මහත්තයා කියනවා ඒකාබද්ධ විපක්ෂයෙන් ආණ්ඩුවට එකතු වෙන්නත් කිහිප දෙනෙක් ඉන්නවා කියලා?

“ඕක දැන් අවුරුදු 2ක් තිස්සේ කියනවාගතාම එහෙම කෙනෙක් හොයාගන්න බැරිවෙලා තියෙනවා.”

ප්‍රශ්නය – ඊයේ දයාසිරි ඇමතිතුමා කිව්වේ මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ හැර නිදහස් පක්ෂයට උරුමකම් කියන දෙන්නෙක් තමයි නිදහස් පක්ෂය විනාශ කරන්නේ?ඒ කට්ටිය ඒකාබද්ධ විපක්ෂයේ ඉන්නවලු?

“එක්කෙනෙක් තමයි දයාසිරි ජයසේකර මහත්තයා.”

ප්‍රශ්නය – දැන් මේ විදිහට මේක බෙදීගෙන ගියොත් මේ අස්ථාවර තත්ත්වේ මැද්දේ මේ පළාත් ආයතනවල අනිවාර්යයෙන්ම කණ්ඩායම් එකතු වීමක් සිදු වෙන්න ඕනේ. දැන් ඔබතුමා අදහස් කරන්නේ ඔබතුමා යූ.එන්.පී එකතට එක්ක එකතු වෙලා හදන්නද යන්නේ?

“යුඑන්පී එකෙන් අපේ පැත්තට ආවොත් අපි මොකද කියන්නේ එපැයි කියනවද? නෑ කැමතියි”

ප්‍රශ්නය – දැන් ඔබතුමාලා අවසන් වශයෙන් යූඑන්පී එක හරි ඩීල් එකකට කැමතියි?

“අපේ ප්‍රතිපත්තියට එන ඕනෑම කෙනෙක් එක්ක එකතු වෙන්න අපි කැමතියි. කවුරු වුණත් කමක් නෑ. දැන් මමත් එක්සත් ජාතික පක්ෂයේ ඉඳලානේ ආවේ. මෙතුමත් එක්සත් ජාතික පක්ෂයේ ඉඳලානේ ආවේ”

Mahinda Yapa Abeywardena

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here