ඒකාබද්ධය කොලේ ඉරා ගෙන ඇගෙත් හලා ගනී…… හම්බන්තොට වරාය චීනයට බදු දෙන්න ඒකාබද්ධයේ එකඟතාවය මෙන්න

6

හම්බන්තොට වරාය චීනයට පැවරීමට අදාළ ගවිසුම සම්බන්ධ ගැසට් පත්‍රය පිළිබඳව සිදුකල පාර්ලිමේන්තු විවාදයෙන් අනතුරුව පැවැති ඡන්ද විමසිමේදි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කිරිමෙන් වැලකි තිබේනවා.

හම්බන්තොට වරාය චීනයට පැවරීමට අදාළ ගවිසුම සම්බන්ධ ගැසට් පත්‍රය පිළිබඳව අද (08) පාර්ලිමේන්තුවේ පැවති විවාදයෙන් අනතුරුව ඊට බෙදීමක් අවශ්‍ය බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක යෝජනා කළ අතර ඊට සභාවේ අනුමැතිය හිමිවුනා.

ඒ අනුව අදාළ ඡන්ද විමසීමේදී එයට පක්ෂව ඡන්ද 72ක් ලැබී තිබූ අතර විරුද්ධව ලැබී තිබුනේ ඡන්ද 07ක් පමණි. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු එහිදී විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබූ අතරඒකාබද්ධයේ මන්ත්‍රීවරු ඡන්දය දීමෙන් වැලකී තිබේ.ඒ අනුව වැඩි ඡන්ද 65කින් එය සම්මත කර ගෙන තිබේ.

ඒකාබද්ධය නියෝජනය කරන දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන නාමල් රාජපක්ෂ පිරිසක්ද සිටි නමුත් ඔවුන් කිසිවෙකුත් හම්බන්තොට වරාය චීනයට පැවරීමට අදාළ විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර සිටියේ නෑ.

හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපල ඇතුළු රාජ්‍ය සම්පත් විකිණීමට එරෙහිව පසුගිය ඔක්තෝබර් මාසයේ හම්බන්තොටදී අධිකරණ තහනම පවා නොතකා ඒකාබද්ධ මන්ත්‍රීවරුන් විරෝධතා පැවැත්වූ අතර පසුව මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ, ඞී.වී. චානක, ප‍්‍රසන්න රණවීර ඇතුලු හම්බන්තොට කාන්තාවන් 06 දෙනෙකු ඇතුළු සැකකරුවන් 28 දෙනෙකු අත්අඩංගුවට පත්වු අතර මන්ත්‍රිවරුන් නිදහස් ව ගියද සමාන්‍ය ජනතාව මාසයකට වැඩි කාලයක් අත් අඩංගුවේ සිටිමට සිදු වුනා.

6 COMMENTS

  1. Thank you for any other wonderful post. The place else may anybody get

    that type of information in such an ideal way of writing?

    I’ve a presentation next week, and I am at the look for such info.

Comments are closed.