බලු ප්‍රශ්ණයක් පොලිස් බල්ලෙක් විසදු හැටි…

0

නාවලපිටිය රඹුක්පිටිය ආඩියා දෙනිය ප‍්‍රදේශයේ නිවසක සිටි රැපියල් ලක්‍ෂයක් පමණ වටිනා ලැබිබ‍්‍රර්ඩෝ වර්ගයේ මාස දෙකක් වයසැති සුනඛ පැටවුන් දෙදෙනෙකු සොරකමි කළ සැකකරුවන් දෙදෙනෙක් නාවලපිටිය පොලිස් අපරාධ නිල සුනඛ අංශයේ ෆෝක්ස් සුනඛයා විසින් අද (09.12) පස්වරුවේ සොයා ගෙන තිබෙනවා.

ලැබිබ‍්‍රර්ඩෝ වර්ගයේ සුනඛ පැටවුන් අට දෙනෙකු අලවි කිරිම සදහා තිබෙන බවට ලද තොරතුරක් මත මෙම සැකකරුවන් දෙදෙනා මීට දින දෙකකට ප‍්‍රථම මෙම සුනඛ පැටවුන් අයිතිකරුගේ නිවසට පැමිණ සුනඛ පැටවුන් පරික්‍ෂා කර මිළ ගණන්ද විමසා පිටව ගොස් තිබෙනවා.

අද (09.12) උදැසන සුනඛ පැටවුන් අයිතිකරු විසින් සුනඛ පැටවුන්ට කිරි දිමට පැමිණි අවස්ථාවේ ඉන් සුනඛ පැටවුන් දෙදෙනෙකු අඩු බව දැන ගත් වාහම ඔහු ඒ පිළිබදව නාවලපිටිය පොලිසියට පැමිණීළී කිරිමෙන් පසු නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්‍ෂක ආනන්ද රාජපක්‍ෂගේ උපදෙස් පරිදි එම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක දොලවත්ත විසින් නාවලපිටිය පොලිසියේ අපරාධ සුනඛ අංශයේ ෆෝක්ස් සුනඛයාගේ සහය ලබාගෙන තිබෙනවා.

එම රැගෙන ගිය ෆෝක්ස් සුනඛයා එම නිවසේ වැටි තිබු සැකකරුවෙකුගේ බවට සැකකරෙන පාවහන් යුවලක් ඉව අල්ලා ඒ අනුව කිලෝ මිටර් 4 ක් දුරකින් පිහිටි නාවලපිටිය පැණිතුඩුමුල්ල ප‍්‍රදේශයේ ප‍්‍රධාන සැකකරුගේ නිවසට ගොස් එම සැකකරුව පෙන්වා දිමෙන් අනතුරුව පොලිසිය මගින් එම සැකකරුගෙන් කරන ලද දිර්ඝ ප‍්‍රශ්න කිරිමෙන් පසු ගමිපොළ ප‍්‍රදේශයේ නිවසක මෙම සුනඛ පැටවුන් දෙදෙනා ගමිපොළ වල්ලාගොඩ ප‍්‍රදේශයේ නිවසක සගවා තිබියදි පොලිසිය මගින් අනෙක් සැකකරු සහ ඔහුන් සුනඛ පැටවුන් දෙදෙනා සොරකමි කරන් රැුගෙන ගිය ති‍්‍රරෝද රථයද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ති‍්‍රරෝද රථය හෙට (10.12) නාවලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසුවා. නාවලපිටිය පොලිස් අපරාධ නිළ සුනඛ අංශයේ ෆොක්ස් සුනඛයා නාවලපිටිය ප‍්‍රදේශයේ අපරාධ රැසකට සමිබන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට කටයුතු කළ බවයි එම නිළ සුනඛයා අංශය භාරව කටයුතු කරන නාමල් ප‍්‍රසන්න කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ -හැටන්