ශ්‍රිලංනීපය දෙකට කැඩුනට අවාසියක් නෑ….අබුදස්ස කාලේ මහින්ද තියරිය…

0

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා තමාව වෙන් කිරීම සඳහා කිසිම කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවන බවත් තමා හ සිරිසේන ජනාධිපතිවරයා වෙන් කිරීමෙන් කිසිවෙකුට වාසියක් අත් නොවන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි දළදා මාලිගා පරීශ්‍රයේදි අද (12) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“මම හිතන්නේ කිසිම කුමන්ත්‍රණයක් නැහැ. මිනිස්සුන්ගේ මත ඉදිරිපත් කිරීමට හැමෝටම ස්වාධීන අයිතියක් තියනවා. එහෙම කවුරුවත් සිරිසේන මහත්තයායි මාවයි වෙන් කළා කියලා ඒ අයට තියන වාසිය මොකද්ද? එහෙම එකක් නෑ ඒක බොරු කතාවක් සම්පූර්ණයෙන්ම.”

ප්‍රශ්නය : ඔබලා එකතු වීමක් නැද්ද? පාක්ෂිකයින් අතර තියනවා එහෙම සමගි වීමක්?

“සමගිය අපි බොහෝම කැමතියි සමගියට. එක්සත් ජාතික පක්ෂය විතරක් නෙමෙයි මේ රටේ ජාතික සම්පත් විකුණන්න ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත් දායක වුණා නේ. ඒ ගොල්ලෝ දායක වෙලා ආණ්ඩුවක් පිහිටුවලා තියනවා. ඒක දැන් ක්‍රියාත්මක වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය. එක්සත් ජාතික පක්ෂය ප්‍රතිපත්තිය වෙනස් කරලා නෑ. අපේ අට්ටිය තමයි ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න උදව් වෙන්නේ. මේ ආණ්ඩුව පහුගිය අවුරුදු තුන තුළ මොනවද කලේ කියන එක. ආර්ථිකය කඩා වැටිලා. විරැකියාව වැඩිවේලා. ජීවම වියදම අහස උසට නැගලා. මේවට උදව් වෙන කටිටිය එක්ක අපි ගිහිල්ලා ගිවිසුම් ගැහුවම අපිත් ඒකේ කොටස්කාරයෝ වෙනවා. ඉතින්අපි කියන්නේ මේකෙන් පොඩ්ඩක් අයින් වෙන්න. මොකද අපි කියන්නේ මේ රටේ ආණ්ඩු විරෝධී බලවේගය තියෙන්නේ කොතනද? ඒ සියළු දෙනා ආණ්ඩුවට පක්ෂව ඡන්දය පාවිච්චි කරනවා යම් යම් තැන්වල.”

ප්‍රශ්නය: දිගින් දිගටම මේ වගේ තත්ත්වය ඇති වුනොත් එක්සත් ජාතික පක්ෂය වාසි වෙනවා නේ ද?

“නෑ කිසිම වාසියක් වෙන්නේ නෑ. එක්සත් ජාතික පක්ෂය හිතාගෙන ඉන්නවා එහෙම. ඒ අය එහෙම මතයක් ඇති කරනවා. එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණයෙන්ම මේ වෙන දේට වගකියන්න ඕන.”

Mahinda Rajapaksa