නාමයෝජනා අර්බුදය උග්‍ර අතට…. පොදුජන පෙරමුණ හම්බන්තොට පතුරු ගැලවේ …අඟුණකොලේ හිටපු සභාපති එජාපයෙන් තරග බිමට

6

අඟුණකොලපැලැස්ස ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති,ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරි සාමාජික මුණසිංහගේ විජේරත්න එක්සත් ජාතික පක්ෂයට එක්වි තිබේ.ඊයේ සවස අගමැති රනිල් වික‍්‍රමසිංහ හමු වූ ඔහු එජාපයේ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.

එහිදී විජේරත්න එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකත්වය අගමැතිවරයා අතින් ලබා ගත් අතර මෙවර පලාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්‍ෂයෙන් අගුණකොලපැලැස්ස ප්‍රාදේශීය සභාවට තරගවැදීමට නියමිතය .

මේ අතර විපක්‍ෂයේ තවත් විශාල පිරිසක් එක්සත් ජාතික පක්‍ෂය සමග එක් වීමට පෙළගැසී සිටින බවත් ඉදිරියේදි එම පිරිස් මැතිවරණ ව්‍යාපාරයත් සමග ඒකාබද්ධ විපක්‍ෂ කණ්ඩායමෙන් ඉවත්ව එක්සත් ජාතික පක්‍ෂය සමග එක්වීමට නියමිත බවද හිටපු සභාපතිවරයා සදහන් කර තිබේ.

මෙහිදී අදහස් දැක්වූ අගුණකොලපැලැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මුණසිංහගේ විජේරත්න

“මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාම යෝජනා භාර දීමට කටයුතු කර තිබුණා . එම නාම යෝජනා සකස් කිරීමේදී ඇති වූ අවිධිමත් ක්‍රමවේදය හේතුවෙන් අපේ පාක්‍ෂිකයෝ ගොඩක් කලකිරීමෙන් ඉන්නේ. ගැටලුවකින් තොරව නාම යෝජනා සකස්කිරීමට අපි දීපු උපදෙස් පිළිනොපැදීම නිසා ගැටළු රැසක් ඇතිවෙලා තියෙනවා . මේ වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. මේවා බලන් යනකොට 2015 පරාජයට පත් වෙන්නත් යම් යම් කාරනා සිද්ධ වුණා . ඒ කාරනා ඒ විදිහටම තියෙද්දී තමා මේ ගමනත් යන්නේ කියන එක පේනවා . ඒ නිසා ඒ අකටයුතු කම් ඒ විදිහටම තවමත් සිදුවෙන නිසා මම මෙවර පළාත් පාළන මැතිවරණයට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන්නේ නැහැ. මට ආරාධනා ලැබුණා එජාපයෙන්. අගමැතිතුමාගේ නායකත්වයෙන් සහ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සහ විශේෂයෙන් දිලිප් වෙදආරච්චි මැතිතුමාගේ නායකත්වයෙන් අගුණකොලපැලැස්ස ප්‍රාදේශීය සභාවට තරඟ කරලා එහි බලය ලබාගෙන ජනතාවට සේවය කිරීමට බලාපොරොතු වෙනවා . මා සමග එක් වීමට විශාල පිරිසක් ඉන්නවා . එය සංඛ්‍යාත්මකව කියන්න අමාරුයි. එතරම් විශාල පිරිසක් ඉන්නවා ”

6 COMMENTS

  1. Olá ! Você sabe se eles fazem qualquer plugins para proteger contra hackers?

    Eu tenho umas paranoias sobre perder tudo que trabalhei duro.

    Qualquer sugestões ?

  2. Hey there, You’ve done an excellent job. I’ll certainly

    digg it and personally recommend to my friends.

    I am sure they’ll be benefited from this site.

  3. That is very attention-grabbing, You’re an overly skilled blogger.

    I’ve joined your rss feed and sit up for seeking extra of

    your great post. Additionally, I have shared your website in my

    social networks

Comments are closed.