B 3 ඉල්ලා GMOA යලිත් සටනේ….ලෙඩ්ඩු අමාරුවෙ වැටෙන දවස අත ලග

0

වෛද්‍ය වෘත්තීය සඳහා අවම සුදුසුකම ලෙස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය වූ උසස් පෙළ සඳහා ජීව විද්‍යා අංශයෙන් සම්මාර්ථ 2 හා සාමාන්‍ය සම්මර්ථයක් අවශ්‍ය යන ස්ථාවරයට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) සිය විරෝධය පල කර සිටිනවා.

ඊයේ (13) එම සංගමය විසින් කැදවා තිබූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් එහි සංස්කාරක වෛද්‍ය නවීන් ද සොයිසා මේ බව පවසා සිටියා.

“එහෙම සමාර්ථ මට්ටමක් අවම නිර්නායකය කළොත් ඊට ඉහළින් සිටින ප්‍රමාණය ඉතාම කුඩායි. එවැනි ඉතා කුඩා කණ්ඩායමක් හිටියොත් ඒ ගැන රාජිත සේනාරත්නට දුකක් තියනවා. මොහාන් සිල්වාට දුකක් තියනවා. ඒ නිසා මේ අයට සිද්ධ වෙනවා තමන්ගේ ව්‍යාපාරිකයන්ට පෙන්නන්න, සල්ලි දීලා ඉගන ගන්න සුදුසුකම් තියන ප්‍රමාණය වැඩි කරලා පෙන්නන්න. ඒකට තමයි බී තුනක් තිබිය යුතුයි කියන ක්‍රමවේදය වෙනස් කරනවා සී දෙකයි එස් එකට. එතකොට සයිටම් වගේ කඩ දාන්න හිතා ගෙන ඉන්න අයට වෙළඳපොළට එන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා මේ පිළිබඳව වෛද්‍ය සභාව දැඩි තීන්දුවක් අරගෙන තියනවා. අපි ඉල්ලීමක් කරලා තියනවා වහාම වෛද්‍ය සභාවේ කවුන්සිලය රැස් කරන්න. එහෙම කරලා සාමාජිකත්ව මතය විමසන්න. අපි ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් මේ විදියට ජනතාවගේ ජීවිත අනතුරේ දාන්න රාජිත සේනාරත්නට ඉඩ දෙන්න බෑ. ඒ නිසා මේ සම්බන්ධයෙන් ඔබතුමාලා මැදිහත් වීමක් අවශ්‍යයි. මේ කැබිනට් ප්‍රතිකාව අත්හිටුවන්න කියලා අපි නැවත නැවතත් ඉල්ලා සිටිනවා. එහෙම නොවුනොත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මේ පාර්ශව නැවත් කැදවලා රට පුරා විරෝධතා මාලාවක් ආරම්භ කිරීමට තීරණය කර තියනවා,” වෛද්‍යවරයා පවසා සිටියා.