ආණ්ඩුව කොලේ ඉරාගෙන ඇගේ හලාගෙන ඉවරයි….,ඕක දීපන් ළමයෙකුට…..!

0

රටේ ආර්ථිකය විනාශ කරන, රටේ ජාතික ආරක්ෂාව විනාශ කරමින් කටයුතු කරන ආණ්ඩුවට ජනතාව විසින් පාඩමක් උගන්වන මැතිවරණයක් බවට එළඹෙන පළාත් පාලන මැතිවරණය පත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝෂාණ් රණසිංහ පවසනවා.

පළාත් පාලන මැතිවරණට සඳහා පොළොනරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන අපේක්ෂකයින්ට සෙත් පතා පොළොන්නරුව ගල් විහාරයේදි සංවිධානය කර තිබු ආශිර්වාදය පූජාවකට සහභාගි වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කර සිටියා.

“රජයට ගැටළුවක් එනකොට එක්කෝ ගැටළුවක් ඇති නොවන තැනට වග බලා ගන්න ඔන එහෙම නැත්නම් ගැටළුවක් ආ සැනින් ඒකට උත්තර දෙන්න ඕන. ඒ නිසා අපිට පැහැදිලිව කියන්න තියෙන්නේ මේක මේ ආණ්ඩුවේ බැරි කම. කතාවක් තියනවා නේ ඕක දීපන් ළමයෙකුට කියලා. ඒ වගේ මේක පුංචි ළමයි ටිකක්. මේ වැඩ පිළිවෙළ කර ගන්න බැරි වෙලා තියෙන්නේ. ඒ නිසා අනාගෙන නාගෙන විනාශ කරගෙන. අර ජනාධිපතිතුමා කියනවා වගේ එතුමාගේ ආණ්ඩුව කොලේ ඉරාගෙන ඇගේ හලා ගෙන ඉවරයි. එතුමා ඇත්ත කියන්නේ. ඒනිසා ජාතික අරක්ෂාව අද අවධානමේ. රට බෙදෙන්න යන මොහොතක්. රටේ ගොවො ජනතාව අද අසරණ වෙලා නන්නත්තාර වෙලා ඉන්න මොහොතක්. ඒ වගේම රාජ්‍ය සේවකයා, ව්‍යාපාර මුළු රටේම ආර්ථිකය කඩා වැටිලා තියන වෙලාවක මුළු රටේම ප්‍රතිඵලය බලා ගන්න පුළුවන් වෙයි ඉදිරි මැතිවරණයේදි,”මන්ත්‍රීවරයා සඳහන් කර සිටියා.