අලුත් පාස්පෝට් එක ලෝකෙටම හදන බියගම ඩිලාරූ…….!

0

ව්‍යාපාර අතර වෙළඳපොළ තරගය වැඩි කර, අපනයන ආර්ථිකය වැඩි දියුණු කර ලංකාවේ ආර්ථික මට්ටම පවතින මට්ටමට වඩා ඉහළට ගෙනයාමේ වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

අගමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (15) තෝමස් ඩිලාරූ සමාගමේ නීරීක්ෂණ චාරිකාවකට එක් වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියා. බියගම තෝමස් ඩිලාරො  සමාගම යනු ලංකාවේ මුදල් නෝට්ටු නිෂ්පාදනය කරන සමාගම වේ.

“මේ මුද්‍රණාලය තමයි තව මාස කිහිපයකින් අපේ අලුත් ගමන් බලපත්‍රය නිෂ්පාදනය කරන්නේ. අපේ ගමන් බලපත්‍ර වලට මයික්‍රෝ චිප් තාක්ෂණය ඇතුල් කරනවා, තමන්ගේ ඇගිලි සළකුණ, ඡායාරූපය, අනෙක් කරුණු ගණනාවක් තාක්ෂණය සමග එකතු වෙනවා. ඒක තමයි මෙතන වන දියුණුව. එදා ආවේ ලංකාවට උවමනා බැංකු නෝට්ටු මුද්‍රණය කරන්න. අද 25%ක් විතරයි ලංකාවට කරන්නේ. 75%ක් අලුතෙන් කරන්නේ. අපි මෙතනට ගමන් බලපත්‍ර මුද්‍රණය කරන්න ලංකා ආණ්ඩුවෙන් දුන්නායින් පස්සේ අනාගතයේ වෙනත් රටවලත් ගමන් බලපත්‍ර මෙහාට ලැබෙනවා. ඉතින් ආණ්ඩුවක් හැටියට අපි බලන්නේ විදේශ විනිමය ගේන්න විතරක් නෙමෙයි. තියන ව්‍යාපාර ලංකාවේ තරගකාරි කරලා අපනයනයට යොදවන්න. ඒකයි මෙතන කරන්නේ. අපේ බලාපෙරොර්ත්ටුව ඊලඟ අවුරුදු කිහිපයදි අපේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය මීටත් වඩා වඩි දියුණු කරන්න. ඒකට අපි අපනයන තත්තත්ත්වය යන්න ඕන,”අගමැතිවරයා පවසා සිටියා.

Ranil Wickremesinghe