බය නැති අගමැතිගේ බය හිතෙන වැඩ……..

0

රටේ බය නැති අගමැතිවරයා දැන් දැන් නෙළුම් කුළුනේ පාට පවා කොළ පාට කිරිමට පටන් ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසනවා.

ඊයේ (17) පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළා.

“ඊයේ තමුන්නාන්සේලාගේ ඇස් වලට කදුළු එන්න ඕන. ඒ UNO ආපු සුදු නෝනා මහත්වරු හමුවෙන්න යනවා කොමදෝරු දසනායකගේ දියණිය. යන්නේ තමනේ පියාගේ මානවහිමිකම් අවනඩුව ගැන කියන්න. ඒ සිදු නෝනා කෙනෙක් කියනවා අපිට වරමක් නෑ ඔබගේ ලිපිය ගන්න. ඒ දියණිය කියනවා ඇහුවාලු ඔබ එල්ටීටීඊද කියලා. නෑ කිව්වාම ගණන් ගත්තේ නෑලූ. යුධ විරුවන්ට වන අවනඩුව කියන්න කවුරුත් නෑ. ඕක තමයි ලෝකය දිනා ගත්තා කියලා කිව්වේ. ජාත්‍යන්තරය හමුවේ මේ රටේ රණවිරුවෝ පාවලා දුන්න වික්‍රමසිංහ අගමැතිතුමා බලන්නේ විකුණන්න පුළුවන් මොනවද කියලා. හම්බන්තොට වරාය දැක්කම විකුණන්න හිතනවා. දැන් නෙළුම් කුළුණේ පාට වෙනස් කරලා. නෙළුම් කුළුණ රෑට දැන් කොළ පාටයි. නෙළුම් මල් කොහේද අගමැතිතුමෝ කොළ පාට නෙළුම්මලේ පාටත් වෙනස් කරනවා මේ බය නැති අගමැති. ජනපති බලාගෙන ඉන්නවා. මොන මරිමෝඩ තකතීරු වැඩක් ද?” මන්ත්‍රිවරයා පවසා සිටියා.

Wimal Weerawansa