නඩු නැතුව 11,009 කි හිරේ…., එල්ටීටීඊ රැදවියන් කොන්දේසි විරහිතව නිදහස් කරන්න!

1

ත්‍රස්ත විරෝධී පනත යොදා ගෙන අත් අඩංගුවට ගෙන සිටින හිටපු එල්ටීටීඊ සාමාජිකයන් බවට සැකකෙරෙන්නන් රඳවාගෙන සිටින වව්නියාවේ පූන්තෝට්ටම් පුනරුත්ථාපන කඳවුර වහාම වසාදමා එහි ඉතිරිව ඉන්නා සියලුම රැඳවියන් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ලංකාවේ සංචාරයක නිරත වී සිටින එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුවේ විශේෂඥයන් සඳහන් කරනවා.

කලින් නිදහස් කර යැවුවන් ඇතුළු ඔවුන්ගේ ඥාතීන් නිරන්තරයෙන්ම අඩන්තේට්ටමටත්, සෝදිසියටත් ලක්වන බවට වාර්තා ලංකාව තුළදී දක්නව ලැබු බවයි එම විශේෂඥ මණ්ඩලය සඳහන් කරන්නේ.

එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුවේ හොසේ අන්තෝනියෝ ගෙවාරා බර්මියුඩේස්, ලී ටූමි සහ එලීනා ස්ටයිනර්ට් සිය මූලික නිරීක්ෂණ ඉදිරිපත් කරමින් පවසා සිටින්නේ මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් ගතවූ වසර තුන තුළදීත් විදේශ ගතවී සිට ආපසු පැමිණෙන දෙමළ පුද්ගලයන් අත් අඩංගුවට ගෙන වධහිංසා පැමිණවීම පිළිබඳ විස්තර තමන්ට ලැබුනු බවත් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින සිවිල් සමාජ සංවිධාන, මාධ්‍යවේදීන්, නීතිඥයන්, ක්‍රියාධාරීන් සහ මානව හිමිකම් ආරක්ෂකයන් තර්ජනයටත් අඩන්තේට්ටමටත් ගොදුරු වීම පිළිබඳ තොරතුරු වාර්තා වූ බවත් ය.

පුද්ගලික නිදහස පිළිබඳ අයිතියට ශ්‍රී ලංකාවේ “මේතාක් ගෞරවයක් ලබා දී නැති” බවත් එම කමිටුව පෙන්වා දෙනවා.

“නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන්, ආරක්ෂක හමුදා, අධිකරණ හා අනිකුත් බලධාරීන් විසින් පුද්ගලික නිදහස සඳහාවූ අයිතියට මේතාක් ගෞරවයක් ලබා දී නැති” කමිටුව නිකුත් කළ නිවේදනයක සඳහන් කර තිබේ.

සැකකරුවන් දින නියමයක් නැතුව රැඳවුම් භාරයේ පසුවන විට උසාවි කටයුතු දීර්ඝ හා අයුක්ති සහගත ලෙස කටයුතු කල් පමා වන බව පෙන්වා දෙන ඔවුන් කියා සිටින්නේ වරද ඔප්පුවන තුරු නිර්දෝශී භාවය පිළිගැනීමේ සහ නිසි ක්‍රියා පටිපාටියකට මුහුණ දීමේ අයිතිය මුළුමනින්ම තහවුරු වී නැති බවයි එම කමිටුව පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාවේ බන්ධනාගාරගත සමස්ත ජනගහනය වන 20,598 න් අඩකට වැඩි පිරිසක් නඩු නැතිව අතිශය දීර්ඝ කාලයක් සිරගතකොට තබා සිටින්නන් බවත් එම පිරිස එම පිරිස 11,009 ක් බවත් කමිටුව නීරික්ෂණය කර තිබෙනවා.

“නඩු පැවරීමට පෙර අවුරුදු 3-4 ක් රඳවා තබා ගැනීම පොදුවේ සිදු වන අතර ඇතැම් අවස්ථාවල එය අවුරුදු දහයක් දක්වා කාලයක් තරම් දික්වේ. ඉන් අනතුරුව ඇත්තේ දීර්ඝ නඩු විභාගයකි. නඩු පැවරීමට පෙර රඳවා තබාගත් කාලය අවසාන සිර දඬුවම නියම කිරීමේදී සැමවිටම සැලකිල්ලට නොගන්නා අතර එය විනිසුරු ගේ අභිමතය පරිදි වේ.”  යි එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ පවසනවා.



1 COMMENT

  1. Pudgalika nidahasa pilibanda ayithiyata Sri Lankawe Me thak Gaurawayak Labasee nethi bawa nam aththak Eka mama awiwadayen piligannawa Eka LTTE ayata withrak neweyi Sinhalayantath ehemayi E gena mama kanagatu wenawa

Comments are closed.