සොහොන හදන්න ලක්ෂ 900යි.., විවෘත කරන්න ලක්ෂ 600යි…, මන්දමානසිකත්වයට, උමතුකම්වලට පව් අපිට ගෙවන්න වෙලා

13

පුද්ගලයින්ගේ අපේක්‍ෂාවල්, මන්දමානසිකත්වය, උමතුකම්වලට රජයේ අරමුදල් වියදම්නොකළ යුතු අතර ම  යහපාලනයේ වෙනස වන්නේ ජනතාවගේ අපේක්‍ෂාව සහ අවශ්‍යතාවන් ඉටු කිරීම වෙනුවෙන් වියදම් කිරීම බව මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ බස්නාහිර මහා නගර සංවර්ධන සැලැස්මට අනුව ගම්පහ බස්නැවතුම්පළ දෙවන අදියර ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට පසුගියදා එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“රටේ විශාලම දිස්ත‍්‍රික්කය, වැඩිම උගත් ජනතාවක් වාසය කරන ප‍්‍රදේශය වන ගම්පහ ප‍්‍රදේශයේ වැදගත් නාගරීකරණයක් සිදුවිය යුතුයි. එහි එක් සන්ධිස්ථානයක් ලෙස අද මේ ගම්පහ බස්නැවතුමේ දෙවන අදියර අග‍්‍රාමාත්‍යතුමා අතින් විවෘත කිරීමට ලැබීම සැලකිය හැකියි. ඒ වගේම ගනේමුල්ල නගරය, ඒ වගේම යක්කල සිට බණ්ඩාරනායක විද්‍යාලය දෙසට තිබෙන අත්හැර දමා තිබෙන වෙල් යාය නාගරික උද්‍යානයක් බවට පත් කිරීමට කටයුතු කරනවා.”

“සංවර්ධනය කරගෙන යනවිට කරුණ ගණනාවක් එම සංවර්ධනය යටතේ ඉටු විය යුතුයි. නැතිනම් පාරවල් කාපට් කළාට අහස උසට ගොඩනැගිලි ඉදිවුණාට, වරායවල්, විදුලි බලාගාර, ගුවන්තොටුපළවල් ඉදි වුණාට ඒවා සංවර්ධනය වෙන්නේ නැහැ. සංවර්ධනයක් වීමට නම් කරුණු කිහිපයක් ඉටු විය යුතුයි. පළවෙනි කාරණය සංවර්ධනය පොදු ජනතාවගේ අපේක්‍ෂාවන්, අවශ්‍යතාවයන් ඉටු කරන්න, උදාහරණයක් හැටියට නාගරික සංවර්ධන අධිකාරිය මේ සඳහා රජයේ අරමුදල් යොදවා තිබෙනවා. මේ වෙනුවට මම අපේ තාත්තාගේ සොහොන හදන්න රජයේ අරමුදල් ලක්‍ෂ 900 ක් වියදම් කළා නම් එතන ජනතාවගේ අපේක්‍ෂාව අවශ්‍යතාව ඉටු වෙන්නේ නැහැ. අද ගම්පහ ජනතාව දස දහස් ගණනකට මෙම ගොඩනැගූ බස් නැවතුමෙන් ඒ අවශ්‍යතාව, අපේක්‍ෂාව ඉටු වෙනවා. පුද්ගලයින්ගේ අපේක්‍ෂාවල්, මන්දමානසිකත්වය, උමතුකම්වලට රජයේ අරමුදල් වියදම්නොකළ යුතු අතර ජනතාවගේ අපේක්‍ෂාව සහ අවශ්‍යතාවන් ඉටු කිරීම වෙනුවෙන් වියදම් කිරීමයි ජනතා පාලනයේ වෙනස.”

“මේ කි‍්‍රයාවලිය කරගෙන යනවිට ඉතාම වැදගත් පැත්තකට අපේ අවධානය යොමු කළ යුතුයි. ගොඩනැගිලි ඉදිකිරීම වේවා, සංවර්ධන කාර්යයන් වේවා ඒවා විනිවිද පෙනෙන ආකාරයට අවම මිලට, උපරිම ප‍්‍රමිතියට සිදු විය යුතුයි. එහෙම නැතිව වැඩිම මිලට අඩුම ප‍්‍රමිතියට ඒවා සිදු වෙනවා නම් එයින් ඇති පළක් නැහැ. රජයේ ආයතනයක් වූ සිසීබී ආයතන මගින් මෙම කටයුත්ත සිදු කළා. එහි ප‍්‍රමිතිය අපි සහතික කරනවා. ජනතාවට අවශ්‍ය පහසුකම් ඒ තුළ සහතික කර තිබෙනවා. සමහර අවස්ථාවල මේ වගේ විනිවිද නොපෙනෙන ගනුදෙනු නිසා ප‍්‍රකෝටි ගණන් රටට ආදායම අහිමි වෙනවා.”

“අප කරගෙන යනු ලබන සංවර්ධනයෙන් අපට ආදායම් ඉපදවෙනවාද, ජනතාවට පහසුකම වැඩිවෙනවාද?, රටේ ආර්ථිකයට එමගින් ප‍්‍රයෝජනයක් ලැබෙනවද? ආර්ථික වාසිය කොපමණද කියා අප බැලිය යුතුයි. එහෙම නැතිව තැන තැන විශාල වාණිජ මධ්‍යස්ථාන, නගර ශාලා, වෙනත් බලාගාර, වරායවල්, ගුවන්තොටුපළවල් ඉදිකළා කියලා රටට ආර්ථික වාසියක් නැතිනම්, රටට, ජනතාවට එමගින් මිල උපදවන්න බැරිනම් එතන සංවර්ධනයක් නැහැ. උදාහරණයක් හැටියට කොළඹ මහ නම්බුවෙන් හැදුවයි කියනවා. කොළඹ හැදුවා මාළු ටැංකියක් ආකේඞ් එකේ. එහි වීදුරුව විතරක් ලක්‍ෂ 650 යි. විවෘත කිරීමේ උළෙල ලක්‍ෂ 500 යි ඉන්දියාවේ නිළියෝ ගෙන්වලා. මේවයින් ලැබෙන ආර්ථික වාසිය මොකද්ද? මේවයින් මහජනයාට ලැබිලා තිබෙන ආර්ථික වාසිය මොකක්ද? පරිප්පුවලට, සීනිවලට, කිරිපිටිවලට බදු වැදිච්ච එක විතරයි මේවයින් වුණේ. ඒවායේ පව් අපට සහ අපේ ජනතාවට ගෙවන්න සිදුවෙලා තිබෙනවා.”

“අපේ නාගරික සංවර්ධන අධිකාරිය දැන් රජයේ අරමුදල්වලින් තොරව, ශක්තිමත්ව, ලාභ උපයගෙන සංවර්ධනයත් කරගෙන යනවා.මේ හැම කි‍්‍රයාවලියක් සමගම මිනිසුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස ආරක්‍ෂා විය යුතුයි. බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම්, ඉඩම් කපලා ජලාශ හදනවා නම්, මිනිසුන් පන්නා දමනවා නම්, බලෙන් ආණ්ඩු පවත්වාගෙන යනවා නම්, ඡුන්ද පවත්වන්නේ නැතිනම්, ඒකාධිපතිවරයෙක් නම් ඉන්නේ, පවුල විතරක් නම් ඉන්නේ, එතන ප‍්‍රජාතන්ත‍්‍රවාදයවත්, නිදහසවත් ඇතිවෙන්නේ නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි නිදහසයි, නිදහස් ආර්ථිකයයි අත්වැල් බැඳගෙන එකට යන්නේ.”

“අපටත් ඒකාධිපතිවෙලා සංවර්ධනය වෙලා වැඩක් නැහැ. ලෝකේ ගොඩක් සංවර්ධනය වූ නොයෙක් රටවල ඒකාධිපතිවරයා ඉවත් කරන්න මහජනයා ඉදිරිපත් වුණේ ඒකයි. මේ රටෙත් එහෙමයි. වෙන රටවලත් එහෙමයි.මොකද නිදහසත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් අත්වැල් බැඳගෙන එකට යා යුතුයි. ඉස්සර කොළඹ තිබුණා ලොකු සටනක්, මිනිස්සු පාරට ඇවිත් ගෙවල් කඩනවා කියලා කෑ ගැහුවා. නාගරික සංවර්ධන අධිකාරිය විසින් පසුගිය අවුරුදු දෙක තුළ නිවාස 6000 ක් අයින් කර තිබෙනවා. එක පෙළපාළියක්, එක උද්ඝෝෂණයක් නැහැ. එක ප‍්‍රතිවිරෝධයක් නැහැ. අද වොක්ෂෝල් විදීයේ ගෙවල් 400 ක් කඩනවා. මිනිසුන්ගේ අත්වලින්. හමුදාවෙන් හෝ තුවක්කු ගෙනිහින් නෙමෙයි. වතුරවලට කෑගැසූ රතුපස්වල මිනිසුන්ට වෙඩිතිබ්බා වගේ නෙමෙයි අපි සංවර්ධනය ගෙනයන්නේ. අහිංසක හමුදා සෙබළු අපරාධ කාරයෝ කරගෙන නෙමෙයි, ජනතාවගේ කැමැත්තෙන්, නිදහසත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් එකට ගෙන තමයි අපි සංවර්ධනය ගෙනයන්නේ.”

“ඒ වගේම මේ හැමදෙයක්ම පරිසරයට එකග විය යුතුයි. පරිසරය නියගය, ජලගැලූම්, කුණාටු ආදියෙන් ඉතාම භයානක විදිහට බැට දෙනවා. ඒ නිසා සෑම සංවර්ධනයක්ම පරිසරයට එකග විය යුතුයි. පරිසරයත් සමග එකට කටයුතු කරන්න. රට තිරසරව යෑමට නම් තිරසර සංවර්නයට පරිසර ආරක්‍ෂණය ඉතාම අත්‍යවශ්‍යයි.”

“ඒ නිසා මෙම කරුණු නොමැතිව මොනම සංවර්ධනයකින්වත් පළක් නැහැ. පවුල් හැදෙන සංවර්ධනය, පරිසරය වනසන සංවර්ධනය, රටේ ආර්ථිකයට බරක් වන සංවර්ධනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට, මිනිස් නිදහසට බාධාවක් වන සංවර්ධනය අපට වැඩක් නැහැ. අපට ඕනේ ඒ සෑම කරුණක්ම එකට එකතු කළ වැදගත් සාමූහික සංවර්ධනයක්. එහි ප‍්‍රතිලාභ පවුලකට නෙමෙයි සෑම දෙනාටම බෙදා හදා දෙන සංවර්ධනයක්. ගම්පහ දැන උගත් ජනතාව කාපට් කළ පාරවල්වලටවත්, එතන මෙතන ඇති වූ වෙළඳපලවල්වලට නැතිනම් මායාමය සංවර්ධනයට යටත් නොවන ජනතාවක්.”

“එය අපට 2015 මැතිවරණයේදී පැහැදිලි වුණා. ජනතාවට අවශ්‍ය උනා නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, කල්පවතින සංවර්ධනය, ජනතා අපේක්‍ෂාව ඉටුවන සංවර්ධනය එය දැන් ඔබට ලැබෙමින් යනවා. 2020 වන විට තවත් බොහෝ දෙවල් ඔබට ලැබෙනවා. මේ මග යමින් ආර්ථිකයට, අනාගත පරපුරට බරක් නොවන සංවර්ධනයක් අපි දියත් කර තිබෙනවා.”

Champika Ranawaka



13 COMMENTS

  1. Many thanks for sharing your extraordinary and amazing recommendations.

    I will not be reluctant to share your website to anyone who should be given tips and hints

    just like these.

  2. Tem na verdade um grande e útil pedaço de informação.

    Eu sou feliz que você simplesmente compartilhado isto útil informação conosco.

    Por favor manter nos actualizado como este. Obrigado para partilha.

  3. Hello there! I know this is kinda off topic however I’d figured I’d
    ask. Would you be interested in trading links or maybe
    guest authoring a blog article or vice-versa? My website covers a
    lot of the same subjects as yours and I think we
    could greatly benefit from each other. If you might be interested feel free to shoot me
    an email. I look forward to hearing from you! Terrific blog by the way!

  4. The art of ghazal singing has been able to entice millions around the globe.

    ” It was President Theodore Roosevelt who had given it the name of White House in 1901. This can be very advantageous for your requirements if you might be a fast learner, with just a shot, you might learn all you could planned to very easily and free.

  5. I’ve tried restarting my telephone, uninstalling/reinstalling Conflict Royale, setting

    my Play Retailer to my non-public electronic message, and altering my google play sign-in on CRoy to my private

    gmail, so it is positively set onto it. Though it would

    not have rather a lot within the sense of should – see monuments,

    in case you dig deeper you may really uncover some hidden (and never so hidden)

    gems away from the on a regular basis touristy spots.

  6. I have to thak you for the efforts you’ve put in penning this site.

    I’m hoping to check out the same high-grade content from yoou in the future as well.

    In truth, your creative writing abilities has inspired me

    to gget my very ownn website now 😉

Comments are closed.