පුංචි ඡන්දය පෙබරවාරි 10….., මැතිවරණ කොමිසමෙන් නිල නිවේදනයක්

0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ පෙබරවාරි මස 10 වනදා පවත්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසා සිටියා.

අද(18) පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

ඉතිරි පළාත් පාලන මැතිවරණය සදහා නාමයෝජනා බාරගැනීම අද පෙරවරුවේ ආරම්භ වු අතර තැපැල් ඡන්ද සඳහා ඉල්ලුම් පත්‍ බාරගැනීම ලබන 22 වන දිනෙන් අවසන් වන බවත් ඔහු සඳහන් කර සිටියා.

ප්‍රචාරක කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් මැතිවරණ නීති අද සිට ක්‍රියාත්මක කරන බව මහින්ද දේශප්‍රිය වැඩිදුරටත් සඳහන් කළේ.