මැ.කෝ ට ඇස් පේනවා….. ඒක ෂුවර්…

0

පොදු ජන පෙරමුණ ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීමේ සලකුණු මේ වන විට දැක ගන්නට ඇති බවත් මැතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂකයින් අතර ඇති තරගය තුළින් එය පැහැදිලිව පෙනෙන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

කාල්ටන් නිවසේදි (18) ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

“දැනටම ජයග්‍රහණයේ ලක්ෂණ තියනවා. මොකද හොද ඉල්ලුමක් තියනවා. අපේක්ෂකයන් ඉල්ලන්න තියන ඉල්ලුම දැක්කම අපිට ප්‍රශ්නයක් තියනවා තෝර ගන්න එක. හැම දිස්ත්‍රික්කයකම බඩු බෙදනවා. අපි රුපවාහිනියෙන් දකිනවා. සිමෙන්ති බෙදනවා, මැsහින් බෙදනවා. මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තමයි වැඩියෙන්ම කියන්නේ. අමම් මැතිවරණ කොමසාරිස්වරයාට මේ ගැන කිව්වා. එතුමාට මේවා පෙන්නේ නෑ. මම ඇහුවා ඔබතුමා දැක්කේ නැද්ද නැතෙයි කිව්වා. මම කිව්වා බලන්න කියලා,”

ප්‍රශ්නය: මැතිවරණ කොමසාරිස්ට ඇස් පෙන්නේ නැද්ද දන්නේ නෑනේ?

“නෑ නෑ එයාට ඇස් පේනවා. ප්‍රශ්නේ තියෙන්නේ ආණ්ඩුවේ වැඩ පේන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි කරන කාලේ තමයි පෙනුනේ.”