කොළඹ පුරපති සටනට එජාපයේ සටනක්…..දිනන්නේ කවුද?

0

මෙවර කොළඹ නගර සභාව වෙනුවෙන් නගරාධිපති අපේක්ෂකයෙක් නම් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර නොමැති බවත් හොද කණ්ඩායමක් නගර සභාව වෙත ඉදිරිපත් කොට එම කණ්ඩායම දිනවීම පක්ෂයේ අභිලාෂය බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හිටපු අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

කොළඹ නගර සභාව සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට අද (18) පැමිණි මන්ත්‍රිවරයා මාධ්‍ය අමතා මේ බව සඳහන් කර සිටියා.

“එක්සත් ජාතික පක්ෂය හොදම කණ්ඩායමක් මැතිවරණයට දාන්න බලාපොරොත්තුව ඉන්නවා. දෙවි පිහිටෙන් ජයග්‍රහණය විජයග්‍රණයක් කරනවා කියලා මම බොහෝම ආඩම්බරයෙන් කියන්න කැමතියි. අපි කණ්ඩායම දිනලා නගරාධිපති පත් කරන්න කටයුතු කරනවා.”

ප්‍රශ්නය: බඩුමිල වැඩිවීම, බැදුම්කර සිද්ධිය, මේ සමග නේද එක්සත් ජාතික පක්ෂයට තරග කරන්න සිද්ධ වෙලා තියෙන්නේ?

“ඔබතුමාල ඔය කියන දේවල් තමාලගේ මනසේ නේ තියෙන්නේ. අපි කියන්නේ නෑ ජන ජීවිතය ලේසියි කියලා. නමුත් එදාට වඩා අපි මූලික භාණ්ඩ අඩු කරලා තියනවා,” හිටපු අමාත්‍යවරයා පවසා සිටියා.

Ravi Karunanayake