ඉහළ බල අධිකාරියේ පාදඩ යාන්ත‍්‍රණය ගම් මට්ටමින් දුර්වල කළ යුතුයි!

0

පළාත් පාලන ආයතන යොදා ගනු ලබන්නේ ඉහළ බල අධිකාරියේ දේශපාලන, මැර, සල්ලාල ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කරවීමට බැවින් ඒනිසා මේ පළාත් පාලන මැතිවරණයේදී ඉහළ පාලන පාදඩ යාන්ත‍්‍රණය ගම් මට්ටමින් බිඳවට්ටා දුර්වල කිරීමට කටයුතු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසා සිටිනවා.

මන්ත්‍රිවරයා මේ බව පවසා සිටියේ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගණයේදී පැවති ජනතා විමුක්ති පෙරමුණේ පළාත් පාලන අපේක්ෂකයින්ගේ ජාතික මහා සමුළුව අමතමිනි.

එහිදි අදහස් දැක්වූ මන්ත්‍රිවරයා,

අපි ඉදිරියේ තියෙන්නේ 2015 මාර්තුවල පවත්වන්න නියමිතව තිබුණු මැතිවරණයක්. අවුරුදු තුනකට ආසන්න කාලයක් මැතිවරණය කල් ගිහිල්ලා. පළාත් පාලන ආයතනයක නිල කාලයම අවුරුදු හතරයි. ඡන්දය කල් දාන්න ආණ්ඩුවට විවිධ දේශපාලන වුවමනාවල් තිබුණා. අද අපි මේ ඡන්දයට මුහුණ දෙන්නේ 2012 වසරේදී පාර්ලිමේන්තුවේ සම්මත කරගත් ඉතාම විකෘති ඡන්ද ක‍්‍රමය යටතේ නොවෙයි. බහුපක්ෂ දේශපාලනය මුළුමනින්ම අකුලා දමා ද්විපක්ෂ දේශපාලනයකට දොරටු විවෘත කරන විකෘති ක‍්‍රමයක් තිබුණේ. 2017 සැප්තැම්බර් මාසයේදී ඒ ඡන්ද ක‍්‍රමය වෙනස් කොට,  ජනතාවට හිතවාදී මැතිවරණ ක‍්‍රමයක් ඇතිකර ගන්න ජනතා විමුක්ති පෙරමුණ දැවැන්ත කාර්ය භාරයක් ඉටුකළා. ඒ ජයග‍්‍රහණයන් සමග ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස ජනතාවට තමන්ගේ නියෝජිතයා තෝරා පත්කර ගැනීමේ අරමුණට පටහැනිව යම් දේශපාලන කඳවුරකට බලය තහවුරුකර ගැනීමේ සීමා නිර්ණයකුත් තිබුණා. මේ තත්ත්වයත් වෙනස්කර ගන්න අභියාචනා කොමිෂන් සභාවක් හරහා අපිට හැකි වුණා. ඒ අභියාචනා කොමිෂන් සභාවේ සභාපති හැටියට කටයුතු කළ අශෝක පීරිස් මැතිතුමා ඒ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ නීතිඥ උපුල් කුමරප්පෙරුම මැතිතුමාත් මේ සමුළුවට සහභාගි වී ඉන්නවා. මේ වගේ ජයග‍්‍රහණ එක්කයි මේ මැතිවරණයට අපි එකතු වෙලා ඉන්නේ.”

“මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කණ්ඩායම මැතිවරණය කල් දාගන්න අධිකරණ ක්‍රියාමාර්ගවලට ගිය බව අපි දන්නවා. ඉන් දවස් තුනකට පස්සේ එතුමා පාර්ලිමේන්තුවට ආවා. එතකොට අපි කතාකරමින් සිටියා. එදා අපි එතුමාට බල කරලාඅභියෝග කරලාකිව්වා ඔයාගේ චක්ගෝලයන්ට කියලා මේ නඩුව ඉල්ලා අස්කර ගන්න කියලා. ඡන්දය කල් දාන්න පවරා තිබුණු නඩුව සතියක් යනකොට ඉල්ලා අස්කර ගත්තා. ජනතා විමුක්ති පෙරමුණ මෙම මැතිවරණයට අවතීර්ණ වෙන්නේ ඡන්දය කල්දාන්න ආණ්ඩුව විවිධ උපක‍්‍රම අනුගමනය කළ වෙලාවකඒ සියලු කුමන්ත‍්‍රණ පරාජය කළ ජයග‍්‍රහණයත් එක්කයි. පළාත් පාලන මැතිවරණය කියන්නේ ජනතාවගේ ගම්වල තිබෙන ප‍්‍රශ්න විසඳා ගන්න නියෝජිතයන් පත්කර ගන්නා මැතිවරණයයි. නමුත් තෝරා යැවූ අය කරල තියෙන්නේ මොනවාදපුවත්වල පළවූ තෝරාගත් කිහිපයක් ගැන මම කියන්නම්.”

” ‘මාවනැල්ල ඩිපෝ අධිකාරිට අරණායක සභාපති පහරදෙයිනියාගම සභාපතියිගෝලයොයි යුවලකට තුවාල වෙන්න ගහලාකොලොන්නාව නගර සභාවේ සභාපතිඋප සභාපති සමග ගුටි හුවමාරුවකසිසුන් හතරක් සහ සිසුවියන් හතර දෙනෙකුට පහරදුන් හිටපු ප‍්‍රාදේශීය සභා මන්ත්‍රී සොයා පොලිස් පරීක්ෂණබැංකුවට පැන බිරියට පහරදුන් සන්ධාන මන්ත්‍රී අල්ලන්න අධිකරණ නියෝගයක්පොස්පේට් සේවකයන්ට පහරදුන් තලාව ප‍්‍රාදේශීය මන්ත්‍රී රිමාන්ඩ් භාරයටපුද්ගලයෙකුට පහරදීම නිසා බියගම ප‍්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී අත්අඩංගුවේසංචාරක හෝටලයේ කළමනාකරුට පහරදී දේපළවලට හානි කළ බදුල්ල නගර සභාවේ සන්ධාන මන්ත්‍රී රිමාන්ඩ් භාරයේකාන්තාවකට පහරදුන් කතරගම මන්ත්‍රී ඇපමත මුදාහරීපොලිස් කොස්තාපල්ට පහරදුන් ඇඹිළිපිටිය ප‍්‍රාදේශීය සභා සභාපති රිමාන්ඩ් භාරයේවාරිමාර්ග නිලධාරියෙකුට  පහරදුන් කරුවලගස්වැව සභාපති රිමාන්ඞ් භාරයේමීගමුව නගර සභාවේ සන්ධාන මන්තී‍්‍ර ජේලර්ගේ කන පලයිපෑලියගොඩ සභාපති සහ උපසභාපති ගුටි ඇන ගනිතිබුලත්සිංහල පොලිසියට පහරදුන් ප‍්‍රාදේශීය සභා මන්ත්‍රී ගමෙනුත් පැන ගිහින්දැරණියගල ප‍්‍රාදේශීය සභා සභාපති ක්‍රීඩකයෙකුට පහරදී අත්අඩංගුවේවෛද්‍යවරයෙකුගේ බිරියකට තර්ජනය කළ සන්ධාන මන්ත්‍රීට ලක්ෂ දෙකක ඇපබෙන්තොට ප‍්‍රාදේශීය සභාවේ සභාපති උපසභාපතිගේ දතක් ගලවයිඅල්ලස්ගෙන වලල්ලාවිට ප‍්‍රාදේශීය සභා සභාපති අත්අඩංගුවටයටියන්තොට ප‍්‍රාදේශීය සභා සභාපති අල්ලස් ගනිද්දී අත්අඩංගුවටහිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ සභාපතිගේ හොර වාහන අටක් අල්ලයිමේ වගේ තව විශාල ලැයිස්තුවක් මා අතේ තිබෙනවා. පසුගිය කාලය පුරාමහොරුන්ගේ දූෂිතයන්ගේ සහ දාමරිකයන්ගේ ගුහාවක් බවට ප‍්‍රාදේශීය සභා පත්කරගෙන තිබුණා.”

“ඒ නිසාඅද අපිට වගකීමක් පැවරී තිබෙනවා. දූෂිතයන්ගේපාදඩයන්ගේසල්ලාලයන්ගේ තිප්පොළවල් බවට පත්වී තිබෙනමේ ප‍්‍රාදේශීය සභා ජනතාවගේ නියෝජිත ආයතන බවට පත්කිරීමට. ඒ අභියෝගය සහ වගකීම ජනතා විමුක්ති පෙරමුණේ ඔබ අප හැමට තිබෙනවා. අපි ඒ කාර්ය භාරය ඉටුකළ යුතුව තිබෙනවා. ඒ ඇයිඋඩ ඉන්න ජාතික මට්ටමේ වංචනිකයන්ගේදූෂිතයන්ගේ පාලනයේ ආරක්ෂාව වෙනුවෙන් ප‍්‍රාදේශීය සභා යාන්ත‍්‍රණය ගොඩනඟලා තිබෙනවා. ඇමතිගේ ඡන්දයට වැඩකරන්නඇමතිගේ කොන්ත‍්‍රාත් එක කරල දෙන්න ඉහළ දේශපාලන යාන්ත‍්‍රණයේ බලය පහළ යාන්ත‍්‍රණයේ වංචනිකයන්ගේදූෂිතයන්ගේසල්ලාලයන්ගේ තැනක් බවට පත්කරගෙන තිබෙනවා. ගම්බිම් පිටින් ජනතාව බියට පත්කරමින් තිබෙනවා. දැරියන්ව දූෂණයට පත්කරනවා. මේ අය ක්‍රියා කළේ වනසරාලා වගේ. ඔවුන් විරාජමානව වැජඹුණා. මේ ප‍්‍රාදේශීය සභා හරහා හැදෙන යාන්ත‍්‍රණය ඉහළ බල අධිකාරය ශක්තිමත් කර තිබෙනවා. ඒනිසා මේ පළාත් පාලන මැතිවරණයේදී ඉහළ පාලන පාදඩ යාන්ත‍්‍රණය ගම් මට්ටමින් බිඳවට්ටා දුර්වල කොටජනතා විමුක්ති පෙරමුණේ යාන්ත‍්‍රණය ජයග‍්‍රහණය කොටශක්තිමත් මට්ටමින් ඔසවා තැබිය යුතුයි. ඉහළ පාදඩයන්ගේ ආරක්ෂාවරැකවරණය සහ බලය ශක්තිමත් කළ පහළම තැනින් එය බිඳ දැමීම ආරම්භ කළ යුතුයි.”

Anura Kumara Dissanayaka