අපිට අසිත තවුසා වගේ හිනාත් යනවා අඩන්නත් හිතෙනවා….

1

නාමයෝජනා පත්‍රයේ අඩංගු කරුණු නිවැරදිව පුරවීම පසෙකලා නාමයෝජනා පත්‍රය නැකතට බාර ඊම ගැන පමණක් අවධානය යොමු කිරීම නිසා බොහෝ නාමයෝජනා පත්‍ර ප්‍රතිකේෂ්ප වූ වූ බව මැතිවරණ කොමසාරිස් සඳහන් කර සිටිනවා.

කොමසාරිස්වරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (18) මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිණි.

“පසුගිය සති අන්තයේ සියළුම මාධ්‍ය වල තිබුණ වැදගත්ම කරුණ තමයි මේ සියළුම නාමයෝජනා ප්‍රතිකේෂ්ප කිරීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා කියන එක. අපි අධිකරණයට පුද්ගලයන්ට යාමේ අයිතිය කිසි වෙලාවක අභියෝගයට ලක් කරන්නේ නෑ. නමුත් අපි ප්‍රතිකේෂ්ප කරනු ලැබූ සෑම නාමයෝජනා පත්‍රයක්ම නීතියේ විධිවිධාන අනුව ප්‍රතිකේෂ්ප කරනු ලැබු බවට අපි පෙනි සිටිනවා. මොකද අපි කිසිම නාමයෝජනා පත්‍රයක් ආසාවට ප්‍රතිකේෂ්ප කරලා නැහැ. 4යි10 න් පස්සේ නාමයෝජනා බාර දෙන්න එනවා. ඇවිල්ලා අපි කියන එක අහගෙන ඉන්නේ නෑ. නැකත තියෙන්නේ 4යි 11ට කියනවා. ඉතින් දෙනවා. නැකැත් වලට වැඩ කරනවා නම් දැන් මගුල් ගෙවල් වල පොටෝ ගහන එක්කෙනාට ඕන විදියට නැකැත් හදා ගන්නේ, ඒ විදියට නැකත හදාගන්න.”

“අපෙන් අහනවා අත්හිටවූ හිර දඩුවම් නියම වෙලා තියනවා නම්, ලොකු දඩ මුදලක් නියම කරලා තියනවා නම් ඔවුනට ඉල්ලන්න පුළුවන්ද කියලා. නීතිය අනුව ඔවුනට ඉල්ලන්න පුළුවන්. නමුත් අපිට අසිත තවුසා වගේ හිනාත් යනවා අඩන්නත් හිතෙනවා.”

“නාමයෝජනා කාල සීමාව ආරම්භ වු දවසේ ඉදලා තමයි නෝ ස්ටිකර්, නෝ පෝස්ටර්, නෝ කටවුට්, අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ නෝ පෙලපාලි.., ඒක ක්‍රියාත්මක වෙන්නේ අද ඉදලා. මුළු ලංකාවම පුරා. මේ අවුරුද්ද අන්තිමේ ප්‍රතිපාදන වලිනබෙදනවා. ඉතින් මහජනයාට ලැබෙන දෙයක් නැවැත්වීමට යාම සුදුසු නෑ. මේවා කිසිම දේශපාලකයකුගේ හෝ කණ්ඩායමක හො දේශපාලන පක්ෂයක මුදල් නෙමෙයි. ඒ මහජනතාවගෙන් එකතු කරපු බදු මුදලෙන්. අපි නිලධාරින්ට මේවා බෙදන්න කියනවා. අපි design කරනවා කඩදාසියක්. සිමෙන්ති කොට්ටයක් බෙදනවා නම් ඒකේ අලවන්න.’මෙම ද්‍රව්‍ය ඔබවෙත ලබා දෙන්නේ මහජනතාවගෙන් එකතු කරන ලද මුදලෙන් රජයෙන් විසිනි. සමහර රාජ්‍ය උත්සව ඇයි නවත්වන්නේ නැත්තේ කියලා අහනවා. ඉස්කෝලයක් හදලා, පිට්ටනියක් හදලා ජනතා අයිතියට පවරන්න තියනවා පෙබරවාරි මාසේ අනිතිම වෙනකම් මේ නවත්වන්න කියලද කියන්නේ. අපි ඒ හැම තැනම බැනර් එකක් දාන්න බලාපොරොත්තු වෙනවා. මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ කිසිදු දේශපාලකයෙකුගේ මුදලෙන් නොව මහජනයාගේ මුදලෙනි කියලා. අපි හැම පෝසටරයක් උඩින්ම පටියක් අලවනවා මෙය නීති විරෝධී පෝස්ටරයකි. මොකද මේ ගොල්ලෝ පාප්ප වලට වීදුරු කුඩු දාලා තියෙන්නේ. අර අපේ කපන ළමයිනේ ඇගිලි කපාගෙන එන්නේ. මොනවා හරි කියලා බලන්න, කරවලා බලන්න අපි මොකද කරන්නේ කියලා.” මැතිවරණ කොමසාරිස්වරයා පවසා සිටියා.

 

1 COMMENT

Comments are closed.