එස්. බීට පුළුවන් උනාට බඩගින්නට අසූචි කන්න අපිට බෑ…., විකිණෙනවා නම් මෙලහට විකිණිලා ඉවරයි මහත්තයෝ……

1

එස් බී දිසානායක වැනි ආණ්ඩුවේ අමාත්‍යවරුන් උත්සහ කරනු ලබන්නේ විපක්ෂයේ සිටින පාර්ශවයන්ද ඔහු වැටුනු නරාවලට ඇද දැමීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසනවා.

රාජගිරියේ පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

එහිදි අදහස් දැක්වූ විමල් වීරවංශ මන්ත්‍රිවරයා,

“ජනවාරි 8 කලින් මේ රටට කරපු අනතුරු ඇගවීම අද සිද්ධ වෙලා තියනවා. රතු අලි පැටියා කැටයම් දාලා 8ට කලින් දාපු සමහර කතා වලට සමහරු රැවටුනා. ඒ ගොල්ලෝ තමයි මෛත්‍රිපාල සිරිසේන ආණ්ඩුවක් ගේන්න කඩේ ගියේ ඒ ගොල්ලෝ තමයි මේරට මේ වලට වැට්ටුවේ. රට වලට වට්ටපු අය කියනවා ගම අපිට දෙන්නලු දෙනවා දෙකක්. රට වලට වට්ටපු අයට ගම දුන්නොත් ගමත් වලට මිසක් වෙන කොහාටවත් වැටෙන්නේ නෑ. ඒ නිසා තමුන්නාන්සේලා තේරුම් ගන්න මේ එන්නේ ජනමත විචාරණය හා සමාන ඡන්දයක්. අරයා යනවා මෙයා යනවා කියලා කියනවා මාත් යනවා කියලා කියනවා මමත් ඔහේ කිය කිය ඉන්න දෙනවා. යනවා නම්නේ කලබල වෙන්න ඕන. දේශද්‍රෝහි හතුරු කල්ලිවල අගු පිල්වල ලගින්න එක එක ඇම්බැට්ටයන්ට පුළුවන් උනාට අපිට ඒ හැකියාව නෑ. විකිණෙනවා නම් විකිණෙන්න පුළුවන් ලොකු ගණන් වලට මේ කාලයේ අපේ හත්මුතු පරම්පරාවම ගොඩ යන ගණන් වලට විකිණෙන්න පුළුවන්. විකිණෙනවා නම් විකිණිලා ගොඩාක් කල්. අපිට අවලාද කියනවා. නඩු දානවා. අපේම දුර්වලයන් කුලියට අරගෙන අපිට මඩ ගහනවා. ඒ ඔක්කෝගෙන්ම අපිට පෙන්නේ හතුරට අපිව අභියෝගයක්. ඒ නිසා හතුරු කඳවුරේ මහත්වරුණි උඹලා අපිට මොන දේ කළත් අපි අතට ගත් කොඩිය ජයග්‍රහණය කරලා මිසක් බිම තියන්නේ නෑ කියන එක අපි ඔබතුමාලට කියන්න ඕන. එස්. බී දිසානායක කියනවා ලඟදි විමලුත් එයිලු. එස් බීයා හිතාගෙන ඉන්නේ එස් බී වගේ කියලා අපිත්. බඩගිනි වුණාට අසූචි කන්නේ නෑ එස්. බීට පුළුවන් උනාට.”

Wimal Weerawansa

1 COMMENT

Comments are closed.