ලන්සාට රටේ ජනතාව ගැන දුක සිතී ඇමතිකම දමා ගෙදර යයි

0

ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යධූරයේ කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලන්සා සිය නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ ඉල්ලා අස්විම සම්බන්ධ ලිපිය මේ වන විට ජනාධිපතිවරයා වෙත ලබා දි ඇති බවයි ඔහු අප කළ විමසීමකදී සඳහන් කර සිටියේ.

ආණ්ඩුව කෙරෙහි ඇති වූ කළකිරීම නිසාත් සමහර කොට්ඨාශ වල වැඩ කටයුතු කරගෙන යාමේදී සිදු වූ යම් යම් කලකිරීම් ද මෙම ඉල්ලා අස්වීමට හේතු වූ බවත් ඒ පිළිබඳව ඉදිරියේදි මාධ්‍ය හමුවක් පවත්වා පැහැදිළි කිරීමට බලාපොරොත්තු වන බවත් මන්ත්‍රිවරයා අප හා පවසා සිටියා.

රටේ ජනතාවද ආණ්ඩුව කෙරෙහි කලකිරිමෙන් පසුවන බවත් ඒ පිළිබඳව ඉතා නුදුරු දිනයකදි ජනාධිපතිවරයා හා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත්  ඔහු සඳහන් කර සිටියා.

Nimal Lanza