අම්පාරේ මිනිසුන්ගේ අයිතිවාසිකම කිසිවෙකුට උදුරාගන්න දෙන්නේ නෑ …..

0

අම්පාරේ මිනිසුන්ගේ අයිතිවාසිකම කිසිවෙකුට උදුරාගන්න මම ඉඩදෙන්නේ නැති බව පසුගියදා ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත්ව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමග එක්වු නීතිඥ ශ්‍රීයාණි විජේවික්‍රම සිය පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දිමෙන් පසුව වැඩ බාරගැනිමේ අවස්ථාවට එක්වෙමින් කියා සිටියා.

“ එක දිගට දෙවතාවක් නියෝජනය කරපු එකම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයි විදියට මට විශාල වගකිමක් පැවරිලා තියෙනවා. අම්පාරේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරලා දෙන්න ඉඩක් නැති අවස්ථාවක් ආවා. ඒ අවස්ථාවෙදි ඊට අවස්ථාව හදලා දුන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමන්. මොකද හැමවෙලේම මම නීතිඥවරියක් වගේම මම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන කෙනෙක්. මගේ අයිතීන් මම කාටවත් උදුර ගන්න දෙන්නේ නැහැ. ඒවගේම අම්පාරේ මිනිසුන්ගේ අයිතිවාසිකම කිසිවෙකුට උදුරාගන්න මම ඉඩදෙන්නේ නෑ.”

“අම්පාර දිස්ත්‍රික්කය කියන්නේ තිස් අවුරුද්දක් තිස්සේ යුද්ධෙට මුහුණ දුන්නු විශාල දුකක් විඳපු විශාල කැපකිරිමක් මේ රට වෙනුවෙන් කරපු ජනතාවක් ඉන්න දිස්ත්‍රික්කයක්. ඒ දිස්ත්‍රික්කය තුළ අපිට වැඩ ගොඩක් කරල දෙන්න තියෙනවා. අපේ ගරු අමාත්‍යතුමන් විශේෂයෙන්ම විශාල වැඩකොටසක් කරන්නට තියෙන, විශාල වැඩකොටසක් කරන්නට පුළුවන් අමාත්‍යංශයක් තමයි රාජ්‍ය අමාත්‍යධුරය මට ලැබිලා තියෙන්නේ. ඉතිං මේ අමාත්‍යංශයේ වගකිම් මට හැකි උපරිමයෙන් ඉටුකරන්නට මං බලාපොරොත්තු වෙනවා.

ඒවගේම ගරු අමාත්‍යතුමාට විශාල වැඩකොටසක් තියෙනවා. අපි ඒ වැඩ ඉතාමත් හොඳින් ඉටු කරන්නට කටයුතු කරන බවත් විශේෂයෙන් ඒවගේම අම්පාරේ ජනතාවගේ අයිතිවාසිකම්, ජනතාවගේ වගකිම්, සියල්ල භාර අරගෙන ප්‍රගතිශීලී ජනතාව වෙනුවෙන් ඉදිරියට මේ රට ගෙනියන්නට මේ රට ආරක්ෂා කරන්නට අපි කටයුතු කරනවැයි කියන කාරණේ විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ..”

Sriyani Wijewickrama