වෙන වෙන පක්ෂ එක්ක ගිහිල්ලා අමාරුවේ වැටිලා නන්නත්තාර වෙන්න එපා….!

0

වෙන වෙන පක්ෂය සමග එක්ව කටයුතු කොට නන්නත්තාරයේ යාම වෙනුවට ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීමට එක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසා සිටිනවා.

ඊයේ (19) මාතර ප්‍රදේශිය සභාවට හා මාතර නගර සභාවට නාමයෝජනා බාර දීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“වසර තුනකට අදාළ කාලයක් අපි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදලා ඒ ආණ්ඩුවේ ශක්තියෙන් අපි ලෝකය දිනා ගත්තා වගේම රට දිනා ගත්තා වගේම දැන් අපිට ගමත් නගරයත් දිනා ගන්න හොද මොහොතක් උදා වෙලා තියනවා. ඒ වගේම ඒ මහා සංවර්ධන සංග්‍රාමය ගමේ ජනතාවටත් ලබා දෙන්න අවස්ථාවක් අපිට ලැබෙනවා. ඒ දැවැන්ත සංවර්ධන ශක්තියේ පිම්ම ලබා ගන්න හැකි වෙන්නේ පවතින ආණ්ඩුවත් එක්ක එකතු වීමෙන් පමණයි. අන්න ඒ නිසා අද වෙන වෙන පක්ෂ වලට ගිහිල්ලා අමාරුවේ වැටෙන්නේ නැතුව නන්නත්තාර වෙන්නේ නැතුව අපේ රටේ ප්‍රධාන පක්ෂය වන අපිත් එක්ක එකතු වෙන්න කියන ඉල්ලීම මම කරන්න කැමතියි,”අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පවසා සිටියා.

Mangala Samaraweera