නිවසක තාප්පයක් ඉදිකිරිමට ගිය පෙදරේරුවෙක් පස් කන්දකට යටවි මරුට

0

නාවලපිටිය පොලිස් වසමට අයත් පල්ලේගම ප‍්‍රදේශයේ නිවසක තාප්පයක් ඉදිකිරිමට කපා තිබු වලක බැස මැනිමි කටයුතු සිදුකරමින් සිටි පෙදරේරුවෙකු පස් කන්දකට යටවි මියගොස් ඇති බව නාවලපිටිය පොලිසිය පවසනවා.

ඊයේ (24.12) උදැසන 11.30 ට පමණ කැපු අත්තිවාරමි වලේ කමිබි එලිම සදහාමැනිමි කටයුතු වලට බැස ඇති පෙදරේරු ( කොන්ත‍්‍රාත්කරු) පස්කන්දට යටවි තිබෙනවා.

ඒ අසල සිටි තවත් පෙදරේරුවන් දෙදෙනෙක් සිටි ඇති අතර ඔහුන් ඉන් දිවි ගලවාගෙන තිබෙනවා.පස්කන්දට යටවි සිටි පෙදරේරු කොන්ත‍්‍රාත්කරු නාවලපිටිය පොලිසිය මගින්බැකෝ යන්ත‍්‍රයක් උපයෝගි කර ගනිමින් ගොඩ ගෙන නාවලපිටිය රෝහල වෙත ඇතුලත් කළ අවස්ථාවේ මියගොස් ඇති බවයි නාවලපිටිය මුලික රෝහලේ අධ්‍යක්‍ෂක නිහාල් විරසුරිය මහතා පැවසුවේ.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේනාවලපිටිය මාපකන්ද ප‍්‍රදේශයේ පදිංචි ගාමිණී ෆොන්සේකා නැමැති තිදරු පියෙකි.කොන්ත‍්‍රාත්කරුගේ හා නිවැස් හිමියාගේ නොසැලකිලිමත්කම හේතුවෙන් මෙම අනතුර සිදුවි ඇති බවයි නාවලපිටිය පොලිසියේ ස්ථානාධීපති ප‍්‍රධාන පොලිස් පරික්‍ෂක ආනන්ද රාජපක්‍ෂ පැවසුවේ. සිද්ධිය පිළිදව නාවලපිටිය පොලිසිය පරික්‍ෂණ පවත්වනවා.

හැටන් රංජිත් රාජපක්ෂ

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here