මනුෂ්‍යත්වය මුල්කරගනිමින් සියළු ගැටළු වලට විසදුම් සෙවිය හැකිය…, යහපත් සිතින් යහපත් මිනිසුන් ලෙස සමාජය පෝෂණය කරමු

9

මනුෂ්‍යත්වය මුල්කරගනිමින් සියල්ලටම විසඳුම් සොයාගත හැකිවනු ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නත්තල් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

“අසිරිමත් විශ්ව මංගල්‍යයක දේශීය කොටස්කරුවන් වෙමින් මෙවර නත්තල් සමරන සහෝදර කිතුණු ජනතාවට වෙත මාගේ සුබ පැතුම් පිරිනමනු කැමැත්තෙමි. දේවත්වය සහ මනුෂ්‍යත්වය එකට මුණ ගැසෙන අපූර්ව සන්ධිස්ථානයක් ලෙස නත්තල එදා මෙදා තුර මානව ඉතිහාසය තුළ සුවිශේෂි භූමිකාවක් හිමිකර ගෙන සිටි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උපත ලබන්නේ අවිචාරය, අසමානත්වය හා කෲරත්වය මුල්බැසගෙන පැවති සමයකය. දේව වරමක මහිමය හිස දරා සිටියේ වුවද උන්වහන්සේ එකී දුර්ගුණයන් මැඩලීම උදෙසා සමස්ත මිනිස් වර්ගයාටම ආමන්ත්‍රණය කළේ ද මග පෙන්වනු ලැබුවේ ද සාමාන්‍ය මනුෂ්‍ය සමාජයේ සාමාජිකයෙකුට අත්වීමට සිදුවිය හැකි සියලු උවදුරුවලට මැදිවෙමිනි. එදා මිහිපිට ජීවත් වූ මිනිසාට මිනිස්කමේ ගැඹුර ද ඒ තුළ රඳවා ගතයුතු පරමාදර්ශී ගුණය ද නිවැරදිව හඳුනාගැනීමට හැකිවූයේ ඒ අනුවය.අද මුළුමහත් ලෝකය ඉදිරියේ ඇති දැවැන්ත අභියෝග පිළිබඳව සළකා බැලීමේදී අප ඊට විසඳුම් සොයා යායුතු මග ඒ තුළ මැනවින් සනිටුහන් කර තිබේ. එනම් මනුෂ්‍යත්වය මුල්කරගනිමින් සියල්ලටම විසඳුම් සොයාගත හැකිවනු වගය. එහිදී තමා ද ජයගනිමින් අනෙකා කෙරෙහි දක්වන දයාව හා කරුණාව අවසානයේ සමස්ත මානව වර්ගයා සහජීවනය වෙත යොමුකරනවන බවය. මනුෂ්‍යත්වයට එරෙහිව එල්ල වී පවතින සෑම ගිනි අවියක්ම නිහඩ කර සාමයේ සිසිලස තුළ අනාගතය ප්‍රභාවත් කරගත හැක්කේ එවන් මගක යන ගමනකය.එම උත්තරීතර චින්තය සැබෑ කරන්නා වූ ඒ මියුරු රිදී සීනු නාදය මේ න්තතලේ දී ලොවපුරා දස දෙසෙහි රැව් නැගේවා. සමස්ත ලෝකවාසී කිතුණු ජනතාවට සාමය, සෞභාග්‍යය සහ සතුට සපිරි සුබ නත්තලක් වේවා යි ශුභාශිංසනය පළකරමි.” ජනාධිපතිවරයා සිය නත්තල් පණිවිඩය මගින් ප්‍රකාශ කර සිටිනවා.

මේඅතර නත්තල් සුභපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසා සිටින්නේ අප සැම අරමුණු කර ගත යුත්තේ යහපත් දේ සිතෙහි නිදන් කොට ගෙන, යහපත් මිනිසුන් ලෙස සමාජය පෝෂණය කරලීමට බවයි.

“සාමයේ, ප්‍රේමයේ සුබාරංචිය ගෙන දේව පුත්‍ර ක්‍රිස්තුන් වහන්සේ ඉපදීම සමරන නත්තල, කිතුනු ජනතාව අතිඋත්කර්ෂවත්ව සමරන ආගමික උත්සයකි. මේ වන විට එය කිතුනු ජනතාව පමණක් නොව වාර්ගික, ආගමික භේදයකින් තොරව බහුතර ලෝකවාසීන් සමරන සංස්කෘතික උත්සවයක් බවටද පත්ව ඇත.

ජනතාව රෝම අධිරාජ්‍යයේ සමාජ, ආර්ථික ක්‍රමය තුළ පීඩාවට පත්වෙමින් තිබූ වකවානුවක ක්‍රිස්තුන් වහන්සේ උපදින්නේ දිළිඳු ගවහලක, දිළිඳු මව්පිය යුවලකගේ පුතකු ලෙසිනි. උන් වහන්සේ සිය ජීවිතයම කැප කළේ භෞතික, මානසික, අධ්‍යාත්මික දිළිඳුභාවයෙන්, පීඩිතභාවයෙන් මිදීම සඳහා ආදරය, දයාව හා කරුණාව සපිරි යහපත් සමාජයක් නිර්මාණය කරලීම වෙනුවෙනි.  අද අප සමාජය ඉල්ලා සිටින්නේද වාර්ගික, ආගමික භේද ඉක්මවූ සාමය, සංහිදියාව පිරුණු යහපත් පරිසරයකි. ගුණ දම් සපිරි වටපිටාවකි. නීතිය, සාමය හා යුක්තිය රජයන යහපත් දේශයකි.යහපත් මිනිසා තම සිතෙහි නිදන් කළ යහපත් දෙය ද, අයහපත් මිනිසා තම සිතෙහි නිදන් කළ අයහපත් දෙය ද උපදවන බව ශුද්ධ වූ බයිබලයෙහි සඳහන් ය. එහෙයින්, අප සැම අරමුණු කර ගත යුත්තේ යහපත් දේ සිතෙහි නිදන් කොට ගෙන, යහපත් මිනිසුන් ලෙස සමාජය පෝෂණය කරලීමටය.” අගමැතිවරයාගේ නත්තල් දින පණිවිඩයේ සඳහන් වේ.



9 COMMENTS

  1. I was wondering if you ever considered changing the layout of your
    site? Its very well written; I love what youve got to
    say. But maybe you could a little more in the way of content so
    people could connect with it better. Youve got an awful lot of text for only having one or 2 pictures.
    Maybe you could space it out better?

  2. Hey, you used to write fantastic, but the last several posts have been kinda boring¡K I miss your tremendous writings.

    Past several posts are just a little out of track! come on!

  3. I truly wanted to post a brief comment to be able to thank

    you for some of the lovely pointers you are sharing at this

    site. My incredibly long internet search has at the end of the day been honored with excellent

    facts and techniques to share with my good friends. I ‘d express that most of us site visitors are really lucky to exist in a wonderful site with so many special people

    with insightful tips and hints. I feel rather blessed to have come across

    your site and look forward to so many more entertaining moments reading

    here. Thanks a lot once more for all the details.

  4. You can even replace your favorite MP3 music with

    one of these to ensure that even if you are regarding the gym, you’ll be

    able to still understand interesting points from your book or listen on the docs from perform that you simply have to examine.

    You don’t have to spend money on the greatest or heaviest tripod for private use.

    Painting can be an authentic gift due to the durability and utility.

  5. An outstanding share! I’ve just forwarded this onto a co-worker who was

    conducting a little research on this. And he actually ordered me dinner due to the

    fact that I found it for him… lol. So let me

    reword this…. Thanks for the meal!! But

    yeah, thanx for spending some time to discuss this topic here on your

    internet site.

  6. Outsourcing and off-shoring manufacturing signifies that web page-structure, ICT,

    photo-enhancing, moderating of feedback, subediting and

    content manufacturing is handled by exterior parties, either to home events (outsourcing)

    or international nations (off-shoring).

  7. I think everything posted was very logical. But, think about this, what

    if you added a little information? I mean, I don’t wish to tell you how to

    run your website, but suppose you added a title to maybe get people’s attention? I mean මනුෂ්‍යත්වය මුල්කරගනිමින් සියළු ගැටළු

    වලට විසදුම් සෙවිය හැකිය…, යහපත් සිතින් යහපත් මිනිසුන් ලෙස සමාජය පෝෂණය

    කරමු – Lanka News Alert is kinda plain. You might glance at

    Yahoo’s home page and see how they create article headlines to get viewers to click.

    You might add a related video or a pic or two to get people interested about everything’ve written. In my opinion, it could bring your posts a little bit

    more interesting.

Comments are closed.