කෙහෙලිය යනවාද? නැද්ද?

0

සැම විටම පක්ෂ මාරු කරන කණ්ඩායමේ තමාගේ නම සඳහන් කිරීමෙන් විරුද්ධ පාක්ෂිකයින් මානසික සුවයක් ලබන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා.

මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේ අද (25)  පැවති මාධ්‍ය හමුවකදි මාධ්‍යවේදීයෙකු නැගු ප්‍රශ්නයට පිළිතුර් ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“ඡන්දයක් එනකොට තාජුඩීන්ගේ මිනිය ගොඩට එනවා වගේ ඡන්දයක් එනකොට මගේ නම එලියට එනවා. විටින් විට ඉස්මතු කරනවා. ඒක තමයි මට දෙන්න පුළුවන් සරල උත්තරේ. අපිව පාවිච්චි කරමින් ඒ කට්ටියගෙන් යම් කොටසක් සතුටක් ලබනවා,”මන්ත්‍රිවරයා සඳහන් කර සිටියා.

මේ අතර මේ පිළිබඳව අදහස් දක්වමින් පී හැරිසන් අමාත්‍යවරයා පවසා සිටියේ ජනවාරි 10 -12 වන විට කෙහෙලිය රඹුක්වැල්ල මන්ත්‍රිවරයා පමණක් නොව තවත් මන්ත්‍රිවරු කිහිප දෙනෙක් පක්ෂ මාරුවට සුදානමින් සිටින බවයි.

Keheliya Rambukwella